දංකොටුව – දුම්මලකොටුව ප්‍රදේශයේ පවත්වාගෙන යන ගණිකා නිවාසයක් පෙරේදා (09 දා) රත්‍රී වටලා එහි කළමනාකරු ඇතුළු කාන්තාවන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලිසිය පවසනවා.
කිඹුලාපිටියල හලාවත, ඇල්පිටිය, අම්පාර යන ප්‍රදේශවල පදිංචි මෙම කාන්තාවන් වයස අවුරුදු 30 ත් 40 ත් අතර අය බවත් පොලිසිය පවසන්නේ.
මෙම ගණිකා නිවාසය දීර්ග කාලයක් තිස්සේ පවත්වාගෙන යන එකක් වන අතර එය අවස්ථා කිහිපයකදීම වැටලීම් සිදුකර එහි කළමනාකරු අධිකරණය වෙත ඉදිරිපත් කර දඩ ගෙවූ අයකු බවද සඳහන්වේ.
අත්අඩංගුවට ගත් සැකකාරියන් සිව්දෙනා ඇතුළු කළමනාකරු ඊයේ (10 දා) මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
