කඳපොල පොලිස් වසමට අයත් කදපොල පාක් වතුයායේ පාසල් වයසේ පසුවන දියණියන් තිදෙනෙකු වරින් වර අපයෝජනය කල පියා සහ සුළු පියා අද (04) අත්අඩංගුවට ගත් බව කදපොල පොලීසිය පවසයි.
වයස අවුරුදු 16,14,13 වයස් කාණ්ඩවල පසු වන මෙම දියණියන් තිදෙනාගන් වැඩිමහල් දියණියව අවුරුදු 12 සිට තම පියා විසින් වරින් වර අපයෝජනය කර ඇතැම් අවස්ථාවල තම බාල සොහොයුරියන් දෙදෙනාද අපයෝජනය කරන බව වැඩිමහල් දියණිය විසින් පොලිසියට කරන ලද පැමිණ්ල්ලේ සදහන් කර ඇත.
අසභ්‍ය චිත්‍රපට පෙන්වා තමන් තිදෙනාව පොලඹවාගෙන තම පියාට අමතරව තම සුළු පියා විසින්ද වරින් තිදෙනාවම වර අපයෝජන කල බවත්, මේ පිලිබදව මවට අවස්ථා කිහිපයකදි පැවසුවද මව ඒ පිලිබදව කිසිඳු තැකිමක් සිදු නොකල නිසා තමන් සහ තම නැගණියන් දෙදෙනා පියාගේ සහ සුළු පියාගේ අපයෝජන විද දරා ගැනිමටනොහැකිව නිවසන් කොළඹ ප්‍රදේශයේ රැකියාවක් සදහා නිවසින් පලා යන අවස්ථාවේ කොළඹ කොටුව පොලිසිය විසින් තිදෙනාව ඊයේ (03)අත්අඩංගුවට ගෙන කඳපොල පොලිසිය වෙත බාර දුන් බව වැඩිමහල් දියණිය විසින් කඳපොල පොලිසියට සදහන් කර ඇත.
කොළඹ කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ පියාගෙන් සහ සුළු පියාගෙන් සිදු වන අපයෝජන හමුවේ රැකියාවක් සොයා කොළඹ ප්‍රදේශයට පැමිණි බව එම පාසල් වයසේ පසුවන සිසුවියන් තිදෙනා කොළඹ කොටුව පොලිසියට ද පවසා ඇත.
අපයෝජනයට ලක්වුවේයැයි කියන පාසල් දැරියන් තිදෙනා නුවරඑළිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර ,එම දැරියන් තිදෙනාගේ මවගෙන්ද පොලිසිය මේ වන විට ප්‍රකාශයක් ලබාගෙන ඇත.
සැකපිට අත්අඩංගුවට ගත් පියා සහ සුළු පියා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත්, පියා අවුරුදු 47 ක් සහ සුළු පියා අවුරුදු 50 වයස් කාණ්ඩ වල පසු වන අය බව කදපොල පොලිසියේ නිලධාරියෙකු ප්‍රකාශ කළේය.
