පාකිස්ථානයේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි ඉම්රාන් ඛාන් කියන්නේ.
ඔහු නැවත වරක් විවාහවීමේ පුවතක් අපිට ආරංචි වුණා.
ඉම්රාන් මේ විදිහට නැවත වරක් විවාහ වී තිබෙන්නේ බුස්රා මනේකා නම් කාන්තාවක් සමඟයි.
මේ විවාහ උත්සවය ගැන අන්තර්ජාලය හරහා කතාවීමත් සමඟ වැඩි අවධානයක් ඉම්රාන් කෙරෙහි යොමුව තිබෙනවා.
මෙම තරුණිය වැඩි ප්‍රසිද්ධියක් ලබා තිබෙන්නේ අධ්‍යාත්මික සංවර්ධනය සඳහා සහය දෙන්නියක් ලෙසටයි.
මීට පෙර විවාහ වී සිටි ඇයට දරුවන් තිදෙනෙකුද සිටිනවා.
ඉම්රාන් ඛාන්ද මීට පෙර දෙවතාවක් විවාහ වී තිබෙනවා.

Imran Khan of Pakistan during the Pakistan tour of the British Isles in 1987. (Photo by Patrick Eagar/Popperfoto/Getty Images)
