ලසිත් මාලිංග කියන්නේ මුළු ලංකාවේම ක්‍රිකට් ලෝලීන්ගේ පැසසුමට ලක්වුණු ආදරණීය වගේම දක්ෂ ක්‍රීඩකයෙක්.
Airtel සහ දෙරණ වේගපන්දු වැඩසටහනේ සන්නාම තානාපති ලෙස ක්‍රියා කරන මාලිංග යොවුන් ක්‍රීඩකයින් මුණගැසෙන්න ඇවිත් ඔහුගේ අවුරුදු 15 අත්දැකීම් ඔවුන් සමග බෙදාගත්තා.
ඒ වගේම දැඩි අපහසුතා මධ්‍යයේ ක්‍රීඩා කරන දක්ෂයින්ට ඔහු පෞද්ගලික වියදමින් ඒ වෙලේම අලුත් පා වහන් අරන් දෙන්නද කටයුතු කර තිබුණා.
