දෙමව්පියන්ට තමන්ගේ දරුවන් තරම් වෙන කිසිම දෙයක් වටින්නේ නෑ. හැමෝගෙම අම්මා තාත්තා හැමවෙලේම බලන්නේ තමන්ගේ දරුවන් බසතුටින් ඉන්නවා බලන්නයි.
ඒවගේම තමයි දෙමාපිය දූ දරු සබඳතාවය තරම් සම්බන්ධයක් මේ ලෝකේ වෙනත් කිසිවකින් හොයාගන්න බෑ.
හැබැයි වර්තමානය වන විට වාර්තා වන පුවත් එක්ක බලද්දි මේ සබඳතාවය නමට පමණක් සීමා වෙලා කියලායි දැකගන්නට ලැබෙන්නේ.
අපි මේ කියන්න යන්නේ වාර්තා වූ ඒවගේ කතාවක් ගැන.
දස මසක් කුල තුල හොවා ලේ කිරි කර පෙවු තමන්ගේ අම්මාව ඝාතනය කරන්න පුතෙකුට පුළුවන් විය හැකිද?
ඒත් මේ එහෙම කරපු පුතෙක්.
තමන් වදපු අම්මාගේ උගුරට ජංගම දුරකථනයක් ඔබා හුස්ම හිර කර ඝාතනය කළ බවට සැකපිට පුතෙකු ඌව පරණගම පොලිසිය විසින් අත්අඩංගුවට අරන්.
ඇය ඌව පරණගම මොරගොල්ල උමානදී ගම්මානයේ පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ කරුණාවති නමැති 61 හැවිරිදි කාන්තාවක්.
මව අභිරහස් ලෙස මියගිහින් කියලා මේ සැකකාර පුතා 16 දා උදෑසන පොලිසියට පැමිණිල්ලකුත් කරලා.
15 වැනිදා රාත්‍රී තමා සහ බිරිඳ නිවසින් පිටවී ගිහින් පසුදා (16) නිවසට පැමිණ බලන විට මව නිදියහනේම මියගිහින් කියලා ඔහු පොලිසියට කියලා තියෙනවා.
කොහොමවුනත් මෙය සැක කටයුතු මරණයක් ලෙස සලකා මහේස්ත්‍රාත් පරික්ෂණයකට ලක්කල බවත් මහේස්ත්‍රාත් නියෝගය මත පශ්චාත් මරණ පරික්ෂණය සඳහා බදුල්ල මහරෝහලේ මෘත ශරිරාගාරයට දේහය ගෙන ගිය බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
බදුල්ල මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා විසින් සිදුකළ මරණ පරීක්ෂණයේදී අනාවරණ වුණේ මෙය හුස්ම හිර කිරීමෙන් සිදුකල ඝාතනයක් කියලායි.
ඒ සදහා ජංගම දුරකථනයක් උගුරට දමා හිරකර ඇති බවද විමර්ශන වලදි අනාවරණ වී තිබෙනවා.