Gossip

දරු තිදෙනා ගෙදර තනිකර අම්මා අනියම් පෙමිවතා සමග පැන ගිහින්.

මවක් සිය දරුවන් නිවසේ තනිකර අනියම් සැමියකු හා ගොස් ඇති බව මාදම්පේ පොලිසියට ලැබී ඇති පැමිණිල්ලක සඳහන් වෙයි.

මාදම්පේ එගොඩයාගම ප‍්‍රදේශයේ මෙම මව හා දරුවන් පදිංචිව සිට ඇත. දරුවන්ගේ වයස 16, 11 සහ අවුරුදු 8 කි. මව ගිය බව 16 හැවිරිදි දැරිය හඬමින් මාදම්පේ පොලිසියට පැමිණිලිකර තිබේ.

ඇයගේ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂක සඳමාලි මහත්මිය විමර්ශනය කර ඇත. දරුවන්ගේ පියා මව අතහැර සිටින බවත් නඩත්තු මුදලක් ගෙවන බවත් මසකට වරක් දරුවන් බැලීමට එන බවත් මව කොහුමෝලක වැඩ කරමින් දරුවන් සමඟ ජීවත්ව ඇති බවත් විදේශ ගතව සිටින ඥාතීන් දරුවන්ගේ සියලූ වියදම් දරා ඇති බවත් එම විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

තම මව වෙනත් අයකු සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් රාත‍්‍රි කාලයට ඔහු නිවසට ගෙන්වා ගන්නා බවද ඔහු සමඟ කතා කරමින් දරුවන් පිළිබඳව සොයා බැලීම අතපසුකර ඇති බව ද දරුවන්ගේ ප‍්‍රකාශවලින් කියැවී තිබේ. 29 වැනිදා සවස තම මව ඇඳුම් බෑගයත් රැගෙන පෙර කී පුද්ගලයා පැමිණි ත‍්‍රිරෝද රථයට ගොඩවීමට යනවිට පැමිණිලිකාර දුව හඬමින් පසු පස පැමිණ ඇත. ඇය එය නොතකා ගොස් ඇත.

පොලිසිය සැකකාරිය අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරයි. දරුවන්ගේ භාරකාරත්වය සම්බන්ධයෙන් පරිවාස භාරයට පත්කිරීමට ඉදිරිපත් කර ඇත.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!