Gossip

පෙම්වතාගේ ගෙදර පෙන්වා කැමැත්ත ගන්න කියා එක්කගෙන ගිහිං. පෙම්වතාගේ අතවරයට ලක්වූ පෙම්වතිය රෝහලේදී මියයයි

බළන්ගොඩ, රාවණකන්ද ප‍්‍රදේශයේ තරුණියක් සිය පෙම්වතා විසින් පැහැර ගෙන ගොස් තදබල ලෙස ලිංගික හිංසාවන්ට පත් කළ පසු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මරණයට පත් වීම නිසා පශ්චාත් මරණ පරීක්ෂණය
පැවැත්වීමෙන් අනතුරුව පෙරේදා (08) දා විවෘත තීන්දුවක් ලබා දෙන ලදී.

17 හැවිරිදි මෙම තරුණිය ගයිවත්ත ප‍්‍රදේශයේ තරුණයකු (24) සමඟ මාස 1 1/2 ක පමණ පේ‍්‍රම සබඳතාවක් පවත්වා ඇත. ඉන්පසු ඉකුත් 5 වැනිදා මැයට උඩකන්ද පන්සල අසලට එන්නැයි තරුණයා දන්වා ඇත. ඒ අනුව නිවසට හොරා තරුණයා හමුවට පැමිණි පසු ඇය තම මවුපියන්ට පෙන්වා කැමැත්ත ගත යුතු බව පවසා නිවසකට ගෙන ගොස් රාත‍්‍රිය පුරා ඉතා දරුණු ලෙස ලිංගික වධ හිංසා පමුණුවා තිබේ. පසු දින මැය සොයා පැමිණි තරුණියගේ මවුපියන් සමග පින්නවල පොලිසියට පැමිණ පැමිණිලි කිරීමෙන් පසුව වහාම බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර මත පසු වෙද්දී මැය මරණයට පත් විය.

පශ්චාත් මරණ පරීක්ෂණය බළන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එල්. කේ. සී. ඞී. ආරියරත්න මහතා විසින් පැවැත්වීමෙන් පසුව සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කිරීමට තීරණය කරන   ලදී.
බළන්ගොඩ මහෙස්ත‍්‍රාත් ජයරුවන් දිසානායක මහතා විසින් සිද්ධිය වූ ස්ථාන නිරීක්ෂණය කිරීම සහ පොලිසිය විසින් තමන් වෙන යොමු කළ සැකකාර තරුණයා 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

බළන්ගොඩ – එන්. එච්. පියසේන

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!