Gossip

දරාගත නොහැකිවූ පීඩනය නිසා යාපනය සරසවි සිසුවා ජීවිත සැනසුම අතහරී

යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවෙකුගේ මළ සිරුරක් ඊයේ (27) සවස සොයාගෙන තිබෙනවා.

යාපනය කන්දර්මඩම ප්‍රදේශයේදී මෙම සිසුවාගේ මළ සිරුර සොයාගෙන ඇති බවයි යාපනය පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

26 හැවිරිදි එමානුවේල් රාමුවේල් නැමති මෙම වෛද්‍ය සිසුවා වෛද්‍ය පීඨයේ සිව්වැනි වසරේ ඉගෙනුම ලබන අතරම යාපනය පලාලි මාර්ගයේ කන්දර්මඩම ප්‍රදේශයේ අදාල වෛද්‍ය සිසුවා තාවකාලිකව නවාතැන් ගෙන ඇති අතර ඊයේ දින සිසුවා සරසවියට නොපැමිණීම හේතුවෙන් මිතුරන් විසින් සොයා බැලීමේදී අදාල සිසුවාගේ මළ සිරුර හමු හමුව තිබෙනවා.

යාපනය පොලීසිය විසින් සිදු කරන ලද මූලක පරික්ෂණ වලදී සැක පල වී ඇත්තේ අදාල වෛද්‍ය සිසුවා ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බවටත් අවසන් විභාග පීඩනය හේතුවෙන් මෙසේ දිවි තොර කරගන්නට ඇති බවට සැක පල වන බවත්ය.

සිසුවාගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු යාපනය මහරෝහලේදී සිදු කිරීමට නියමිතයි.

මිය ගිය වෛද්‍ය සිසුවාගේ ස්ථීර පදිංචිය වව්නියාවේ අංක 33 පළමු පටුමග උක්කුලාන්කුලම් ප්‍රදේශයේ බවට අනාවරණය වී ඇත.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!