Gossip

මේ පව්කාර ලෝකයට යලිත් එන්න එපා පුතේ… “සේයා සදෙව්මි” හම්බ වුණොත් කියන්න…තාමත් මෙහෙ ඉස්සර වගේමයි කියලා…

පසුගිය 25 වැනිදා තම නිවසින් අතුරුදහන්වී සිටි හලාවත – ඉරණවිල පදිංචි සුසිත් නිර්මාල් දරුවාගේ මල සිරුර 27 වැනිදා පෙරවරුවේ ගම්වාසීන් විසින් සොයාගෙන තිබුණා.

10 වන වියේ පසුවූ මෙම පාසල් සිසුවා ඝාතනය කිරීමට පෙර ලිංගික අපයෝජනයක් සිදුවී ඇති බවත්,දරුවාගේ හිසට සිදුවී ඇති බරපතළ හානි හේතුවෙන් මරණය සිදුවී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

දරුවා ඝාතනය කිරීමට පෙර බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කර ඇති බවත්,දරුවාගේ ඇගිළි සහ රහස් ප්‍රදේශය ඝාතකයා විසින් සපා කා ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

හලාවත මහා රෝහලේ විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.කේ.විජේවර්ධන මහතා විසින් අද දිනයේ දහවල් හලාවත මහා රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර තිබෙන අතර සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය විමර්ශන කටයුතු සිදු කරනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!