සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්න අතර විවාහය දෙදරා ගොස් ඇති බවට වටින් ගොඩින් වාර්තා පළ වෙමින් පවතින අතර ඒ වාර්තා අතර ඇතැම් තැන්වලදී කියැවුණේ මෙම ආදරය මැදට ආ චරිතය ධනුක දිල්ෂාන් හා දිනක්ෂි ප්‍රියසාද් බවයි.
ඒ වගේම තමයි මේ දවස්වල උමාලි ඉන්නේ ජපානයේ ඒ වගේම සාරංග ඉන්නේ ඔස්ට්‍රේලියාවේ.
මේ පැතිරෙන කටකතා ගැන තවමත් මේ දෙදෙනාගෙන් කවුරුවත් හරිහැටි උත්තරයක් දී නැහැ.
මේ අතර උමාලිගේ මීළඟ චිත්‍රපටය විදියට ළගදීම රිලීස් වෙන්නේ නිනෝ ලයිව් කියන චිත්‍රපටය.
උමාලිගේ පෙම්වතා විදියට ඒ චිත්‍රපටයේදී රංගනයෙන් දායක වෙන්නේ දසුන් පතිරණ.
ඒ වගේම ඒ සඳහා නිනෝ ජයකොඩි, යුරේනි නෝෂිකාත් රංගනයෙන් දායක වෙනවා.
ඉතිං මේ චිත්‍රපටයේ ප්රචාරක කටයුතු සඳහා සැකසූ එක් පෝස්ටරයක දසුන් උමාලිගේ රූපය තියෙන ටීවී එකක් කරේ තියාගෙන උස්සගෙන ඉන්නවා.
ඒත් සාරංගගෙයි උමාලිගෙයි දනුකගෙයි කථාවට දසුන් එන්නේ මේ පෝස්ටරෙන් වගේම චිත්‍රපටයෙන් විතරයි.