යතුරු පැදියේ යන ඕනෑම අයෙකු හිස් ආවරණයක් පැළඳීම මෙරට අනිවාර්ය නීතියක් වුවද පශු සම්පත් ඇමති ආරුමුගම් තොන්ඩමන් මහතාට එම නීතිය වලංගු නොවන ආකාරයක් මේ දිනවල ඔහුගේ ගම් ප්‍රදේශය වන කොටගලදී දැක ගත හැකිය.
සිය සහචරයින් සමග තොණ්ඩමන් ඇමතිවරයා මෙසේ යද්දී පොලීසිය සිටිනුයේ ඇස් වසාගෙන දැයි බොහෝ දෙනෙකුගේ සිතට නැගෙන පැනයයි.
තොණ්ඩමන් ඇමතිවරයා විසින් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඊයේ වර්ජනයක් ආරම්භ කළේද ඔහුගේ ක්‍රියාකලාපයට විරෝධය පාමිනි.