Gossip

තුන් ඉරියව් කෝ කියලා අහපු හැමෝටම රිදෙන්න තිසර පෙරේරා තියන්න යන වාර්තාව මෙන්න

ලංකාවෙන් බිහිවුණු සුපිරි තුන්ඉරියව් ක්‍රීඩකයින් අතරින් කෙනෙක් තමයි තිසර පෙරේරා කියන්නේ.
හැබැයි පසුගිය කාලේ පුරාවටම තිසරට දක්ෂතා අතරට එන්න බැරිවුණා.
කොහොම වුණත් කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරන්නත් තිසරට හැකිවුණා.
දක්ෂතාවලින් ඈත්වුණත් තිසර දැන් ආයෙමත් සුපුරුදු දක්ෂතා අතරට පැමිණ තිබෙනවා.
බංග්ලාදේශය හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන තුන්කොන් සටනේදී තිසර තමන්ගේ නම ඉදිරියෙන්ම තබාගැනීමට සමත්ව තිබෙනවා.
තිසර මේ තුන්කොන් සටනේ ලංකාවේ වැඩිම ලකුණු ලාභියා වන අතර වැඩිම කඩුලු ලාභියාද වෙමින් කඩුලු 11 ක් ලබාගෙන සිටිනවා.
තවද 172 ක පහරදීමේ වේගයක් පවත්වාගෙන යන්නේ තරඟාවලියේ වේගයෙන්ම ලකුණු රැස් කරපු ක්‍රීඩා විදියටයි.
හෙට පැවැත්වෙන අවසන් තරගයේදී තිසරට වාර්තාවක් පිහිටුවන්නත් අවස්ථාවක් හිමිව තිබෙනවා.
ඒ එක්දින තරඟ වලදී ලකුණු 1500 ක් සහ කඩුලු 150 ක් ලබා ගත් 4 වෙනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා වෙන්න.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන්නේ සනත් ජයසූරිය, චමින්ද වාස් සහ උපුල් චන්දන විතරයි.
තිසර මේ වෙද්දී එක්දින තරඟවල ලකුණු 1584 ක් ලබාගෙන ඉන්නවා. එක්දින කඩුලු 149 යි. තව එක කඩුල්ලක් ලබා ගත්තහම තිසර ඉදිරියේ මේ වාර්තාව ලියවෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!