ත්රිකුණාමලය, කින්නියා, කුරුඤ්ඤංකර්නි ප්රදේශයේ කළපුවක පාරුවක් පෙරළීමෙන් ළමුන් පිරිසක් අතුරුදන් වී ඇති බව වාර්තා වුණා.
පොලීසිය පැවසුවේ එම පාරුවේ පාසල් ළමුන් සහ ගුරුවරු 30 දෙනෙක් පමණ ගමන්කර ඇති බවයි.
ඉන් ළමුන් 7 දෙනෙක් පමණ ගොඩට පිහිනා බේරී ඇති බවත් වාර්තා වුණා.
අප වාර්තාකරු පැවසුවේ තාවකාලික පාරුවේ ගමන්කළ 5 දෙනෙක් පමණ මියගොස් ඇති බවට විශ්වාස කෙරෙන බවයි.
ප්රදේශයේ පිරිස් එකතුව අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් සිදුකරන බව සඳහන් වෙයි.
මේ අතර පොලීසිය පැවසුවේ මේ වනවිට එම සිද්ධියෙන් 6 දෙනෙක් දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් 11 දෙනෙක් රෝහල්ගත කළ බවත් ය.
