මුහුදු සිංහයෙකු හම්ප්බැක් තල්මසෙකු විසින් ගිල දැමීමට කල උත්සාහක් පිළිබඳ ඇදහිය නොහැකි ඡායාරූප පෙළක් මේ වන විට අන්තර්ජාලයේ දකින්නට ලැබෙනවා.
මෙම ගොදුරට හසුවූ මුහුදු සිංහයාගේ බර රාත්තල් 400ක් පමණ වන බවට අනුමාන කර තිබෙන අතර කැලිෆෝනියාවේ මොන්ටෙරේ බොක්කෙන් ඔබ්බට වන තල්මසුන්ගේ රජදහනක්ව පවතින ස්ථානයකදී මෙම දර්ශනය දැක තිබෙන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
