Gossip

සමහර වෙලාවට ජීවිතය දෙදරා යන සිදුවීම් වෙන්න පුළුවන්. ඒ හමුවේ ලොකු කම්පාවක් ඇති වෙන්නත් පුළුවන්” – සාරංග දිසාසේකර – Photos

සාරංග දිසාසේකර කියන්නේ රසික හදවත් සිය රංගන හැකියාවෙන් වැළඳගත් ජනප්‍රිය තරුණ රංගන ශිල්පියෙක්.
ඔහු ගැන කාලෙන් කාලෙට විවිධ කතා කරළියට එනවා.
ඉතිං ඒ කතා ගැනත් සාරංගගේ අලුත්ම තොරතුරු ගැනත් සතිඅන්ත පුවත්පතකට සාරංග මේ විදිහට කියලා තිබුණා.

සාරංග නිතර නිතර විදෙස්ගත වන්නේ ඇයි? මේ ඉන්නවා මේ නැහැ?
පසුගිය දිනවල නම් නිතර නිතර ගියේ ඕස්ට්‍රේලියාවට. සංගීත ප්‍රසංග, නර්තන ප්‍රසංග, ටෙලිනාට්‍ය රූගත කිරීම්වලට ආදී විවිධ වැඩසටහන් නිසා ඊට අමතර මියුසික් වීඩියෝ රූගත කිරීම් වගේම, නිවේදන කටයුතුවලටත් යන්න ලැබුණා.
එළැඹෙන ඔක්තෝම්බරයේ දී වේදිකා නාට්‍යයක දර්ශනයන් සඳහා නැවත ඕස්ට්‍රේලියා යෑමට තිබෙනවා.
ඊට අමතරව මේ දිනවල ස්ටාර් ෆ්‍රෙන්ඩ් සේවාව නිසා සිංගප්පූරුවට පැමිණ සිටිනවා. ඒ හරහා කලාකරුවන් සමග ප්‍රේක්ෂකයන්ට එක්ව කතාබහේ යෙදීමේ මෙන්ම විවිධ ස්ථාන නැරඹීමට යාමේ අවස්ථාවක් ලබාදීලා තිබෙනවා.
සිංගප්පූරුවට පැමිණ යුනිවර්සල් ස්ටුඩියෝ සහ තවත් තැන් කීපයකට ගිහින් ඔවුන් සමඟ සතුටින් කාලය ගත කිරීමට අවස්ථාවක් ලැබී තිබෙනවා.

සාරංග පදිංචිය සඳහා විදෙස්ගත වන්න සූදානමක් තියෙනවා කියලත් ආරංචියි?
කොහෙත්ම නැහැ. නිතර නිතර විදෙස්ගත වන නිසා කවුරුහරි එහෙම හිතනවා ඇති. ඒත් නිතරම විදෙස්ගත වන්නේ වෘත්තිය අංශයේ වැඩසටහන්වලට දායකවීමටයි.

සමහරු නම් කියන්නේ සාරංග ඉදිරියේදී නව දේශපාලන පක්‍ෂයකින් ඡන්දය ඉල්ලන්න යනවා කියලයි?
දැනට නම් එහෙම කිසිම අදහසක් නැහැ. කලාකරුවකු ලෙස මගේ නිර්මාණ හරහා කරගෙන යන දේශපාලනය හැර සමාජ දේශපාලනයෙහි මම තවම නැහැ. සමාජ සත්කාර සමග කලාව වෙතින් කරන දේශපාලනය විතරයි දැනට මට තියෙන්නේ.

ඉදිරියේදී තිබෙන සැලසුම් මොනවාද?
රංගනය සහ ඊට අදාළව තියෙන ලොකු සැලසුම් තමයි තියෙන්නේ. ඊට අමතරව මගේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා සාරංග දිසාසේකර ඉන්ටර්නැෂනල් නමින්. ගෘහ අලංකරණ නිර්මාණය කරන ආයතනයක්. අම්මත් ඒකට මට උදව් කරනවා. ඒ ආයතනයත් දියුණු කිරීමේ අරමුණයි.
එත් එක්කම ඉදිරියේදී සංගීතයට වැඩි ඉඩක් ලබාදීමටත් අදහස් කරගෙන ඉන්නේ.

සාරංග ජීවිතය දකින්නේ මොන විදියටද?
විඳවීමකින් තොරව විඳීම තමයි මම ජීවිතය ලෙස දකින්නේ. සමහර වෙලාවට අපට නොදැනීම අප ජීවිතය විඳවනවා. ඒත් ඒක ඒ මොහොතේ නොසිතන්න පුළුවනි. සමහර වෙලාවට ජීවිතය දෙදරා යන සිදුවීම් වෙන්න පුළුවන්. ඒ හමුවේ ලොකු කම්පාවක් ඇති වෙන්නත් පුළුවන්. නමුත් ඒ කම්පාවෙන්, මහා පිපිරීමෙන්, මහා ශබ්දයෙන් පසුව ජීවිතයේ ඇතිවන සන්සුන් බව සහ නිහඬතාවය එක්ක එතැන් සිට ජීවිතේ සමහර විට නැවත ජීවිතය විඳින්නට පටන් ගන්නත් පුළුවන් වේවි. මම අද ජීවිතය දකින්නේ ඒ විදියටයි.

උපුටා ගැනීම – ලංකාදීප පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!