උතුරට බලපා ඇති ගංවතුර තත්ත්වය නිසා කිලිනොච්චිය, මුලතිව් ඇතුළු උතුරේ ජනතාව අසරණ තත්ත්වයකට පත්ව තිබෙනවා.
මෙම ගංවතුර තත්ත්වය ඇතිවූ අවස්ථාවේ පටන් රණවිරුවන් ජනතාව බේරාගෙන ඔවුන්ව ආරක්ෂා කරගැනීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටින බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
අසරණ වූ ජනතාවට පිහිට වෙමින් එම ජනතාවට අවශ්‍ය ආහාර පාන සහ නවාතැන් පහසුකම් සලසමින් රණවිරුවන් දැඩි කැපකිරීමක් සිදුකරමින් සිටිනවා.
මෙම රණවිරුවන් නිරාහාරව අවතැන්වූ ජනතාව බේරාගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.
තමන්ගේ බත්පත පවා අවතැන්වූ ජනතාවට ලබාදෙමින් තම ජීවිතය ගැන පවා නොසිතමින් රණවිරුවන් සිදුකරන මේ කටයුත්ත සැමගේම ගෞරවයට ලක්විය යුතුය.
