Gossip

තම ජීවිතය දෙවැනිකොට අනෙකාගේ ජීවිතය රැකගත් “ඩොලී” අවසන් ගමන් යයි – Photos

සත්තු හොඳයි මිනිස්සුන්ට වඩා කියලා සමහරු කියනවා ඔබත් අහලා ඇති.
මේ කියන්න යන්නේ සතෙක් වුණත් මිනිස්සුන්ගේ ගෞරවය ලබන්න පිං කරපු කෙනෙක් තමයි.
ඔහු තමයි ඩොලී.
ඩොලී නම් සුනඛයා තමන්ගේ ජීවිත කාලය මිනිස්සුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැප කළ සුනඛයෙක්.
මඩකලපුව පොලිස් විශේෂ අංශයේ වෙඩි බෙහෙත් සෙවීමේ මෙහෙයුම් වල නිරත වුන පොලිස් සුනඛයා තමයි ඩොලී.
ඩොලී ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයාගේ සංචාරවලදි ආරක්‍ෂක කටයුතු සදහාත් යොදාගෙන තිබුණා.
වසර 7 ක කාලයක් තම රාජකාරිය දේවකාරියක් වගේ කළ ඩොලී පහුගිය දා රාජකාරියෙන් වගේම ජීවිතයෙනුත් සමුගෙන තිබුණා.
ඒ මුළු පොලීසියම කඳුලින් තෙත් කරලා.
ඩොලී 2011 දි නෙදර්ලන්තයේ ඉඳලා තමයි ලංකාවට ඇවිත් තිබෙන්නේ.
වෙඩි බෙහෙත් සෙවීමේ මෙහෙයුම් සදහා සම්බන්ධ වුන ඩොලී අවස්ථා 200 කදී පමණ වෙඩි බෙහෙත් සොයාගෙන තිබෙනවා.
ඩොලීගේ අවසන් කටයුතු ආගමික වතාවත් පසුගියදා මඩකලපුවේදී සිදුකර තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!