Gossip

තමන්ගේ හස්බන්ඩ් ව අතහැරලා වෙන කෙනෙක් එක්ක පැනලා ගිය කාන්තාවට ගමක් ඉදිරිපිට ලැබිච්ච දඬුවම – සංවේදී වීඩියෝ සහිතයි

සිය නීත්‍යානුකූල සැමියා අතහැර අනියම් සැමියා සමඟ පැන ගිය කාන්තාවකට ලබාදුන් දඬුවමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හි ගම්මානයක මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අදාල කාන්තාව සිය නීත්‍යානුකූල සැමියාට හොර රහසේ වෙනත් තරුණයෙකු සමඟ ජීවත්වීමට ගොස් ඇති බව සඳහන්.

මොවුන් දෙදෙනා මෙලෙස නිවසින් පැනගොස් තරුණයාගේ ඥාතියෙකුගේ නිවසක දින කිහිපයක් රැඳී සිට තිබෙනවා. අනතුරව අදාල කාන්තාවගේ නීත්‍යානුකූල සැමියා විසින් ඇයට සමාව දෙන බව පවසා ඇයව කැඳවාගෙන ඒමට පිරිසක් ඇය සිටි නිවසට පිටත්කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී එම පිරිස සමඟ නැවත සිය නීත්‍යානුකූල සැමියා වෙත පැමිණි කාන්තාව සැමියා විසින් ඔවුන් ජීවත්වන ගම්මානයේ ගම්සභාව වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්. එහිදී කාන්තාවට සම් පටියකින් පහර සියයක් එල්ල කිරීමට දඬුවම් වශයෙන් ගම්සභාවේ දී තීරණය වී තිබෙනවා. අනතුරුව ඇයගේ සැමියා විසින් කාන්තාව ගසක එල්ලා සිය බඳ පටියෙන් ඇයට පහර දී ඇති බවයි වාර්තා වන්නේ. සැමියාගේ පහර කෑමට ලක්වූ කාන්තාව සිහි සුන්ව ඇති අතර එහිදී ඒ අවට සිටි පිරිස් ඇයව දූෂණය කිරීමට උත්සහ කර ඇති බවද වාර්තා වනවා. කෙසේවෙතත් කාන්තාවට සිය සැමියා පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝව පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!