Gossip

ජැකලීන්ට ප්‍රහාර පිට ප්‍රහාර – මධුරි නිසා ජැකලීන් ගැන නැවතත් කතාබහක්

1988 දශකයේදී නිෂ්පාදනය වූ තෙසාබ් චිත්‍රපටයේ මධුරි දික්ෂිත් විසින් රඟන “ඒක් දෝ තී” ගීතය ලොව පුර අතිශය ජනාදරයට පාත්‍ර වූ ගීතයක්.

ඉතින් මේ ගීතය නැවත නිෂ්පාදනය කරන්නට ඉන්දීය සිනමා අධ්‍යක්ෂකවරයෙක් පියවර ගත්තේ Baaghi 2 චිත්‍රපටය සදහායි.

එහි ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වන්නේ ශ්‍රී ලංකා සම්භවයක් සහිත ජැකලින් ෆර්ඩිනැන්ඩස්.

ඇය මෙම ගීතයේ සිදු කරන රංගනය පිළිබදව දසතින් විරෝධතා සහ විවේචන එල්ලවුණා.

මධුරි ඊට තාම ප්‍රතිචාර දක්වා නැති අතර සුපිරි නළු අනිල් කපූර් සහ සලමන් ඛාන් මෙම විවේචන වලට Twitter හරහා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

සලමන් ඛාන් පවසන්නේ මෙවැන්නක්…
“මේක මම ආදරය කරන ගීතයක්, ජැකලින් ඊට සාධාරණය ඉෂ්ඨ කරලා තියනවා. පරණ විශිෂ්ඨ නිර්මාණය නැවත අපිට රස විදීමට අධ්‍යක්ෂකවරයා සහ ජැකලින් කරපු දේ ප්‍රශංසනීයයි.”

එමෙන්ම අනිල් කපූර් මේ ගීතයේ නව නිර්මාණයට එල්ලවන ප්‍රතිචාර දක්වමින් මෙලස පවසා තිබෙනවා.
“මධුරිගේ නර්තන වින්‍යාසයන් අනුකරණට ජැකලින් උත්සහ කිරීම හරිම විනෝද ජනකයි. එක ධෛරයවන්ත කල යුතු දෙයක්. ගොඩක් අය මේ ගීතයට බොහෝ සෙයින් ආදරයකරනවා.”

කෙසේවෙතත් නව චිත්‍රපටයේ අධ්‍යක්ෂක අහමඩ් ඛාන් පවසන්නේ තමන් මේ නිර්මාණය සිදු කලේ විවේචන බලපොරත්තුවෙන් බවයි.

මේ අතර මුල් ගීතයේ දැකිය හැකි “විශේෂත්වය” වෙනුවට නව වීඩියෝව තුළින් කාන්තාව භාණ්ඩයක් බවට පත් කර ඇති බවට සමහර පුද්ගලයන් මත පළ කර තිබෙනවා. ඒක් දෝ තීන් යන හින්දි වචනවල තේරුම “එක, දෙක, තුන” වන අතර, මෙම ගීතයේ සඳහන් වන්නේ කාන්තාවක් ඇයගේ ආදරවන්තයා එන තුරු තත්පර ගනිමින් සිටින ආකාරයයි.

නව රූප රාමු තුළින් සිය කුඩා කාලයේ සුන්දර මතකයන් විකෘති කෙරෙන බව බොහෝ දෙනාගේ මතය වී ඇත. ජැකලින් ෆර්නැන්ඩස් මතු කිරීමට උත්සාහ දරන සරාගීත්වයට වඩා මධුරිගේ සුන්දරත්වය වැඩි බවද ඇතැම් විචාරකයන් මත පළකර තිබෙනවා.

ගීත රූප රාමු දෙකෙහි ඉදිරිපත් කෙරෙන නර්තන, අතිශයින් ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන මධුරි ඩික්සිත් සහ නවක නිළියක වන ජැක්ලින් ෆර්නෑන්ඩස් අතර තරඟයක් ලෙස සමහරු අර්ථ දක්වා ඇත. 1988 එම ගීතය ඇතුළත්ව තිබූ චිත්‍රපටයෙහි අධ්‍යක්ෂකවරයා ද නව රූප රාමු පිළිබද තම නොසතුට පළ කර ඇති අතර, එයට එරෙහිව “ක්‍රියාත්මක” වන බවත් ඔහු දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!