වයස අවුරුදු 15 ක් වූ බාල වයස්කාර පෙම්වතිය කෙළෙසූ බව කියන 16 හැවිරිදි පෙම්වතකු අත්අඩංගුවට ගැනීම සඳහා බදුරලිය පොලිසිය පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.
ඇය ලත්පඳුර හන්දියේ හඬමින් සිටිනු දුටු අයකු ඒ පිළිබඳ පොලිසියට දැන්වීමෙන් පසු මෙම කරුණු හෙළදරව් වී ඇති බවයි වාර්තා වුණේ.
සැකකරු 2017 වසරේ සිට දැරියගේ නිවසේදී හා ඉන් පිටතදී වරින් වර ඇය දූෂණය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
බදුරලිය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
