ජපාන අධිරාජයාගේ මිණිපිරිය, වන්නේ මාකෝ කුමරිය යි.
ඇය සිතන පතන ආකාරය ජපාන රජ පවුලේ අනෙක් අයට වඩා වෙනස්.
ඇය අද (26) සිය පාසල් මිතුරා සමග විවාහ වී රජ පවුලෙන් නික්මුණු බව විදෙස් මාධ්‍ය පැවසුවා.
ඔවුන් දෙදෙනා මීට වසර කිහිපයකට පෙර විවාහ ගිවිසගත් අතර “කී කමුරෝ” ගේ මව සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා හේතුවෙන් විවාහය කල් දැමුණා.
ඒ හේතුවෙන් මාකෝ කුමරියට මානසික රෝගී තත්ත්වයක් ද ඇතිවුණු බව වාර්තා වුණා. ඔවුන් දෙදෙනා ම 30 වැනි වියේ පසුවෙනවා.
මීට වසර 4කට පමණ පෙර ඔවුන් දෙදෙනා විවාහ ගිවිස ගැනීම සම්බන්ධයෙන් නිවේදනය කළ අතර ඊට ජපාන ජනතාව අතර දැඩි කැමැත්තක් පිළිබිඹු වූ බව සඳහන් වෙනවා.
නමුත් ජපාන ටැබ්ලොයිඩ් පුවත්පත් වාර්තා කළේ කී කමුරෝ ගේ මව විශාල මුදල් වංචාවකට සම්බන්ධ බවයි.
ඒ හේතුවෙන් ජපාන පුවත්පත් ඔහු සම්බන්ධයෙන් නිතර විමසිල්ලෙන් පසුවුණා.
අනතුරුව විවාහය කල් දැමුණු අතර ඔහු නීතිය ඉගෙනගැනීම සඳහා 2018දී අමෙරිකාවට ගියා. ඔහු ජපානයට නැවත පැමිණියේ පසුගිය මාසයේ.
ඔවුන්ගේ විවාහය ඉතා චාම් අයුරින් පැවැත්වුණු බවයි ජපාන මාධ්‍ය වාර්තා කළේ.
ජපාන රාජකීය පවුලේ කාන්තාවක් සාමාන්‍ය පුද්ගලයෙක් ව විවාහ කර ගෙන සාමාන්‍ය වැසියෙක් බවට පත්වූ විට එකවර විශාල මුදලක් ලබාදීම චාරිත්‍රයක්.
නමුත් මාකෝ එම අමෙරිකානු ඩොලර් 1.3 ප්‍රතික්ෂේප කර තිබුණා.
විවාහයෙන් පසුව ඔවුන් නිව්යෝර්ක් නගරයේ පදිංචිය ට යෑමට නියමිත බවයි මාධ්‍ය වාර්තා පැවසුවේ.