Gossip

පානදුර මන්නයා අත්අඩංගුවටගත් හැටි

තියුණු ආයුධ පෙන්වමින් ප්‍රදේශ රැසකදී මංකොල්ලකෑම් සිදුකළ “පානදුර මන්නයා” නැමැත්තා පානදුර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා.

එම සැකකරු වසර ගණනාවක් පුරා ප්‍රදේශ රැසකදී තියුණු ආයුධ පෙන්වමින් රන් මාල සහ මුදල් සොරකම් කළ තැනැත්තෙක් බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස සැලකෙන තවත් පුද්ගලයෙකුව ද පානදුර මෝදරවිල ක්‍රීඩාංගණය අසලදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත්තා.

මෙම යතුරුපැදිය ද මීට මාසයකට පෙර පිළියන්දල ප්‍රදේශයේ දී සොරකම් කළ එකක් බවයි අනාවරණය වුණේ.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුව රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමකින් යුතු රන් භාන්ඩ සොයාගෙන ඇති අතර ප්‍රදේශ කිහිපයක උකස් මධ්‍යස්ථානවලට එම රන් භාන්ඩ අලෙවිකර ඇති බව අනාවරණය වුණා.

සැකකරුවන් දෙදෙනා අවුරුදු 29 සහ 43 හැවිරිදි, පානදුර කළුදෑවල හා දිබ්බැද්ද ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.

තවද, සැකකරුවන් සතුව තිබී රන් මාල 6ක්, පෙන්ඩන්ට් 2ක් , ජීව අත්බෝම්බයක්, කඩුවක් සහ මන්නා පිහි 2ක් සොයා ගෙන තිබුණා.

ප්‍රධාන සැකකරු වන “පානදුර මන්නයා” නැමැත්තා මීට පෙර මොරටුව ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතන සිද්ධියකට සිර දඬුවම් ලැබ නිදහස් වු පුද්ගලයෙක් බවද සඳහන්.

සැකකරු අද (26) දින පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!