විලක ගිලෙමින් සිටි බල්ලකු බේරා ගත් ජනපති ආර්යාවක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බ්‍රසීල ජනපති මයිකල් ට්‍රෙමර්ගේ බිරිඳ ජනපති ආර්යා මාර්සෙලා ගැන තමයි මෙහෙම විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ.
මෙය සිදුවී ඇත්තේ පසුගිය අප්‍රේල් 22 වැනිදායි.
ජනපති ආර්යාව මාර්සෙලා ඇගේ පුතා මිචෙල්සින් සමඟ ඡනපති මන්දිරයේ ගෙවත්තේ සක්මන් කරමින් සිටින අතරතුර ගෙවත්තට ඔබ්බෙන් පිහිටි විලට වැටී ඇත්තේ ජැක් රසල් වර්ගයේ කුඩා බල්ලෙක්. බල්ලා විල අසල ගැවසෙන අයුරු මාර්සේලා දැක තිබෙනවා. ඌ වලට වැටී පිහිනීමට නොහැකිව ගිලෙද්දී ආර්යාව ඒ බව ජනපති ආරක්ෂක නිලධාරියකුට දන්වා ඇති නමුත් ඔහු කිසිඳු තැකීමක් කර නැහැ. එහෙයින්, ජනපති ආර්යාව වහා දිවගොස්, ඇඳ සිටි ඇදුම් පිටින්ම විලට පැන බල්ලාව බේරගෙන තිබෙනවා.
හිමිකරුවකු නොසිටි එම බල්ලා මේ වනවිට ජනපති මන්දිරයේ සාමාජිකයකු බවට පත් වෙලා තියෙනවා. ජනපති ආර්යාව ඌව හඳුන්වන්නේ “පිකොලි” නමින්. “පිකොලි” ජනපති මන්දිරයට එක් වුණු දෙවැනි බලු සුරතලායි. “තෝර්” නමින් බලු සුරතලෙකු ද ජනපති මන්දිරයේ සිටි තෝර් ගෝඩ්ලඩ් රෙට්රිවර් වර්ගයේ බල්ලෙක්. තෝර් සහ පිකොලි හොඳ මිතුරන් යැයි ද බ්‍රසීල මාධ්‍ය වාර්තා කරනවා.
බල්ලා විලට වැටුණු දැක ඌ බේරා ගැනීම ප්‍රතික්ෂේප කළ ඡනපති ආරක්ෂක නිලධාරියා සේවයෙන් නෙරපා ඇති බවටද වාර්තා වනවා.
