Gossip

“රැක ගන්න නුඹ ඇයව, මලක් මෙන් වතුසුදූ.. ඇය තාම පොඩි කෙල්ල, ටිකක් වෙයි අතපසූ”

ආදරේ කියන්නේ සුන්දර හැඟීමක්.
ඒත් අද කාලෙනම් ඒ හැඟීම නිසා ජීවිත කීයක්නම් විනාශ කරගන්නවද..? කී දෙනෙක්නම් දුක් විඳිනවද..?
හැඟීමට වඩා වැඩි ඉඩක් බුද්ධියට දුන්නනම් හුඟක් ජීවිත ලස්සන වෙන්න තිබුණා.
තමන් ආදරේ කරන කෙනා වෙන කෙනෙකුට හිමිවෙනවා දකින්න කිසිම අවංක පෙම්වතෙකුට බැහැ.
ඒත් තමන් පණ වගේ ආදරේ කරපු පෙම්වතිය වෙනත් කෙනෙකුට හිමිවීම ගැන ලියවැණු අපූරු සටහනක් ගැනයි මේ අපි කියන්න යන්නේ.
ඔබත් මෙය කියවලම බලන්නකෝ…

ඔය එන්නෙ පණ කඳයි
කලක් මම පෙම් කෙරූ..
පලිගන්න එපා නුඹ
තාම ඇය පිරිසිදූ…
දෙමාපිය කැමැත්තට
නුඹෙ වුණත් මගෙ සුදූ…
රැක ගන්න නුඹ ඇයව
මලක් මෙන් වතුසුදූ…
ඇය තාම පොඩි කෙල්ල
ටිකක් වෙයි අතපසූ
ඉවසගන ඉන්න වෙයි
ටිකයි ඇගෙ දගමලූ..
විදුලියක් කොටන විට
පවා ඇය ගැස්සුනූ…
වාරනම් අනන්තයි
ගොරවද්දි බයමලූ..
ටිකක් හරි දැනුනාම
දුකක් ඇය රිද්දපූ..
අඩනවා ඔය කෙල්ල
නලවනවා නම් බොරූ..
ඒ වුණත් ඇගේ හද
මලක් මෙන් පියකරූ..
විදගන්න ඇය දෙන්නෙ
පෙමක් මයි අමයුරූ..
ඉතිං මගෙ ඇස් අස්සෙ
කදුලු වල සිරවුනු..
සුබ පැතුම පිළි අරන්
ගෙනියන්න මගෙ සුදූ…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!