ගම්පහ සිට පැමිණි බව කියන අනන්‍යතාවය හෙළිකිරීමට අපොහොසත් කාන්තාවක හේතුවෙන් ඊයේ පෙරවරුවේ (08 දා කුලියාපිටිය බස් නැවතුම පරිශ්‍රය දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය.
ගම්පහ ඇදිරි නීතිය පනවා තිබියදී අදාළ කාන්තාව පැමිණි ආකාරය පිළිබදව සැක සිතූ බසයේ මගීහු කඩිනමින් බසයෙන් බැස එ් පිළිබද රියැදුරුට හා කොන්දොස්තරවරයාට පවසා තිබිණි. එහිදී බසයට ගොඩවූ කාන්තාව විසින්ම තමන් ගම්පහ ප්‍රදේශයේ සිට පැමිණ පෙරේදා (07 දා රාත්‍රිය ගිරිඋල්ල නගරයේ පහන්කොට ඊයේ (08 දා උදෑසන කුලියාපිටියට පැමිණි බවත් තමන් නාගොල්ලාගොඩ ප්‍රදේශයේ තම නැගණියගේ නිවසට යන බවත් පැවසීම හේතුවෙන් මහජනතාව බියට පත්ව තිබිණි.
කුලියාපිටිය බස් නැවතුම භාරකරු සමිත් කුරේ මහතා වහාම පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කිරීමෙන් අනතුරුව එම කණ්ඩායම් වහාම පැමිණ අදාළ කාන්තාවගෙන් තොරතුරු විමසුවත් ඇය දැඩි ශ්‍රවණාබාධයකින් පෙළෙන බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව වහාම ඇය රෝහල් ගත කෙරිණි.
