Gossip

මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී නරියකු සපා කෑ දැරිය රෝහලේ

අවුරුද්දක් වයසැති කුඩා දැරියක නරියකු විසින් සපාකෑමෙන් පසු හොරණ මුලික රෝහලට පෙරේදා (07 ) පස්වරුවේ ඇතුළත් කර ඇතැයි හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ප‍්‍රකාශකයකු පැවැසීය.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ හොරණ මීමන පලාන ප‍්‍රදේශයේ පදිංචි එන්. ඒ. ජානකී සුලක්‍ෂනී නමැති වසරක් වයසැති කුඩා දැරියකි.

වයස අවුරුදු හය සහ පස් වැනි වියේ පසුවන සිය වැඩිමහල් දරුවන් දෙදෙනා සමගින් එදින පස්වරු 5.00 ට පමණ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී දැරිය කෑ ගසන ශබ්දයක් ඇසි දැරියගේ මව ගොස් බැලිමේදී ඒ අසල නරියකු සිටිනු දැක තිබේ. පසුව ඇය දැරිය වඩා ගැනීමට උත්සාහ දැරීමේදී නරියා දැරියගේ වම් පාදයේ වළලූකර අසල සපාකා තිබේ.

ඉන් අනතුරුව දැරියගේ මව ආධාර ඉල්ලා කැගසන හඩ ඇසි පැමිණි අසල්වාසීන් පොලූ මුගුරුවලින් නරියාට පහරදී මරාදමා තිබේ.

දිවයින.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!