මේ දිනවල පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇතිව ඇති ගංවතුර බැලීමට ගිය පාසල් සිසුවෙකු අතුරුදන්ව ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසනවා.
වෙන්නප්පුව, ලුණුවිල, පීරිස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්.මධුර ඩිල්ෂාන් නමැති 17 හැවිරිදි සිසුවෙකුයි මෙලෙස අතුරුදන්ව ඇත්තේ.
ඊයේ (22) සවස මෙම අනතතුර සිදුව තිබෙනවා.
තවත් පිරිසක් සමඟ ගිය පාසල් සිසුවා විනෝද වීම සඳහා ගිං ඔයට පැන ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු එකවරම ජලයට පැන ඇති අතර ජලයේ ගසාගෙන ගොස් අතුරුදන්වූ එම සිසුවාගේ මළ සිරුර මෙතෙක් සොයා ගෙන නැහැ.
