Gossip

“මම තනියම කාමරේ ඉන්නකොට ඇවිත් දූෂණය කළා..කෝ ඇඳුම් ඉරිලා නෑනේ..” 100% සත්‍ය සිදුවීමකි, සිතා බලන්න.. 55 වැනි වතාවටත් දූෂණය වූ 16 හැවිරිදි දැරිය

එක්තරා බාලවයස්කාර ගෑණූ දරුවෙක් තමන්ගේ නිවසේදීම දුෂණයට ලක්වෙනවා..
ඒ දරුවා එනවා පොලීසියට..
දරුවගේ කකුල් දෙකෙන් ලේ ගලනවා… ඒ පිටින්ම ඒ දරැවා පොලීසියට එනවා..
මුලින්ම ඒ දරුවට හමුවෙන්නේ ගේට්ටුවේ ඉන්න පී.සී. මහත්තයා..(ඔව් අර දුඹුරු පාටට හුරු පාටක් ඇඳගෙන ඉන්න එක්කෙනා)
එයා අහනවා “මොකද මේ…?“
සර් මාව අපේ බාප්පා දුෂණය කළා..
ආ… ඇත්තද…? කොහොම වුණේ..?
සර් මම තනියම කාමරේ ඉන්නකොට ඇවිත් මාව දුෂණය කළා..
ආ… ඇත්තද…. කෝ ඇඳුම් ඉරිලා නැහැනේ…
කොහොමද දූෂණය කලේ…? ගවුම පිටින්මද….?
නැහැ සර්….. (ගෑණු ළමයා ඇඹරෙමින්)
එහෙනම්… ගවුම උස්සලාද…..?
ඔව් සර්…ආ… ඒ කොහොමද….?
මම නිදියගෙන ඉන්නකොට ඇවිත් මගේ කට වහලා….. මාව තද කරගෙන දුෂණය කලා සර්…..
ආ…. වෙන මොනවද කලේ……
(ගෑණු ළමයා අඹරෙමින්… සිද්ධිය විස්තර කරයි…)
හ්ම්… එහෙනම් යනවා ඇතුලට..(ගේට්ටුව විවර වේ…. ළමයා ඇතුලට යයි….)
පොලිසියේ පිළිගැනීමේ නිළධාරී…
මොකද මේ….
සර් බාප්පා මාව දුෂණය කළා…
ආ…ඇත්තද….
දුෂණය කරනකම් බලාගෙන හිටියද…?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද….?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්… බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්……
හ්ම් මොකද් වුණේ..?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි…)
හ්ම් බංකුවෙන් වාඩි වෙලා ඉන්න… ඕ.අයි.සී. මහත්තා කථාකරනකම්….
ඕ.අයි.සී මහතා……
මොකද මේ….?
සර් බාප්පා මාව දුෂණය කලා….
මොකද උනේ….?
සර්… මම ඇඳේ නිදියයෙන් ඉන්නකොට බාප්පා බීලා ඇවිත් මාව දූෂණය කලා සර්…
ඔච්චචර දෙයක් කරනකම් තමුන්ට දැනුනේ නැද්ද…?
දැනුනා සර්…. මම කෑගහන්න හදනකොට බාප්පා මගේ කට වැහැව්වා….
වෙන මොනවද වුණේ.?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි…)
හ්ම්…. ක්‍රයිම් කේස් එකක්…..
ටිං…ටිං… (ඔ අයි සී මහතා සීනුව නාද කරයි)
සර්…..
මෙයාව ක්‍රයිම් එකට දානවා…..
ක්‍රයිම් ඕ අයි සී (අපරාධ අංශය)
මොකද උනේ…..?
සර් බාප්පා මාව දුෂණය කලා..
මොකද වුණේ….?
සර්… මම ඇඳේ නිදිහයෙන් ඉන්නකොට බාප්පා බීලා ඇවිත් මාව දූෂණය කලා සර්…
තමුන් තනියමද ගෙදර හිටියේ……
ඇයි දමව්පියෝ හිටියේ නැද්ද…?
එයාලා කුඹුරට ගිහින් සර්….
ඔච්චචර දෙයක් කරනකම් තමුන්ට දැනුනේ නැද්ද…?
දැනුනා සර්….
මම කෑගහන්න හදනකොට බාප්පා මගේ කට වැහැව්වා….
වෙන මොනවද උනේ…?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි…)
වයස කීයද…?
16 සර්….
හ්ම්….
මේක සී ඇන්ඩ් ඩබ්ලියු එකක්…(ළමා සහ කාන්තා අංශය)
මෙයාව සි ඇන්ඩ් ඩබ්ලියු එකට ගෙනියන්න….
ළමා සහ කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිතුමිය….
මොකද වුණේ..?
බාප්පා මාව දුෂණය කලා….මැඩම්….
ආ…ඇත්තද….
දුෂණය කරනකම් බලාගෙන හිටියද…?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද….?
නැහැ මැඩම් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්… බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්……
හ්ම් මොකද් වුණේ..?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි…)
ඩබ්ලියු පී සී ….
මෙයාව අරගෙන යනවා ජේ ඇම් ඕ ගාවට (අධිකරන වෛද්‍ය නිළධාරී)
(දරුවාව රෝහලට රැගෙන යයි)
එහිදී….. අධිකරණ වෛද්‍ය නිළධාරී…..
මොකද වුණේ…?
සර් බාප්පා මාවදුෂණය කලා….
ආ…ඇත්තද….
දුෂණය කරනකම් බලාගෙන හිටියද…?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද….?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්…
බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්……
හ්ම් මොකද වුණේ..?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි…)
(සාක්ෂි ලබාගනියි….. දරුවා සම්පුර්ණ පරික්ෂාවකට ලක්වේ…..)
(භෞතික සාක්ෂි ලබාගනියි)
හ්ම්….. මේ ගැන ළමා රක්ෂක අධිකාරිය දැනුම් දේ….
ළමා රක්ෂක නිළධාරී….
මොකද වුණේ…?
සර් බාප්පා මාව දුෂණය කලා…
ආ…ඇත්තද….
දුෂණය කරනකම් බලාගෙන හිටියද…?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද….?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්… බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්……
හ්ම් මොකද් වුණේ..?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි…)
දරුවාට නිතිඥ සහාය ලැබේ….
නිතිඥ මහතා….
මොකද වුණේ..
සර් බාප්පා මාව දුෂණය කළා…
ආ…ඇත්තද….
දුෂණය කරනකම් බලාගෙන හිටියද…?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද….?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්… බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්……
හ්ම් මොකද් උනේ…?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි…)
හ්ම්…..
අධිකරණයේ දී…..ගරු මහේස්ත්‍රාත්වරයා…
මොකද වුණේ….
සර් බාප්පා මාද දුෂණය කළා…
ආ…ඇත්තද….
දුෂණය කරනකම් බලාගෙන හිටියද…?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද….?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්… බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්……
හ්ම් මොකද් වුණේ..?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි…)
විත්තියේ නිතිඥයා හරස් ප්‍රශ්ණ අසයි….
ඇයි දුෂණය කරනකම් බලාගෙන හිටියේ….
තමුන් සනීපෙට හිටියා නේද….?
නැහැ… එහෙම නම් ඇයි විරුද්ධ නොවුණේ..?
(තව තවත් හරස් ප්‍රශ්ණ)
සිද්ධිය මහාධිකරණයට යොමු වේ….
ගරු මහාධිකරණ විනිසුරු…
මොකද වුණේ…?
සර් බාප්පා මාව දුෂණය කළා..
ආ…ඇත්තද….
දුෂණය කරනකම් බලාගෙන හිටියද…?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද….?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්… බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්……
හ්ම් මොකද් වුණේ…?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි…)
සිද්ධිය මහාධිකරණයේ දි මාස ගණනක් විභාග වේ…..
මේ අවසන් නඩු වාරයයි… තීන්දුව ප්‍රකාශ වීමට නියමිතයි….
නැවතත් රජයේ නිතිඥ…
මොකද වුණේ..?
(දැරිය නිහඬය…)
නැවතත්….
මොකද උනේ…..
මුකුත් නැහැ….
රජයේ නිතීඥ…… මුකුත් නැහැ..
විනිසුරුගෙන් විනාඩි 30 ක් කාලයක් ඉල්ලයි….
අවසර ලැබේ…..
රජයේ නිතීඥ…
මොකද ළමයා වෙලා තියෙන්නේ…
ඇයි සිද්ධිය විස්තර කරන්නේ නැත්තේ….
සර්…. මම මේ වෙනකොට මේ සිද්ධිය 54 වතාවක් කියලා තියනවා…
සර්ට ඕනේ මේක 55 වෙනි වතාවටත් මගේ කටින් අහගන්නද…?
රජයේ නිතිඥා නිහඬයි……

සිතීමට යමක් තිබුණාද..?

උපුටා ගැනීමකි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!