කොළඹ මහනගර සභාවට අයත් මහජන ආධාර දෙපාර්තමේන්තුව දින 12කට පසු හෙට(29) සිට යළිත් ආරම්භ වන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.
එම දෙපාර්තමේන්තුවේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට පැතිර ගිය ආරංචියක් වීම හේතුවෙන් ඇය පීසීආර් පරීක්ෂණයකට ලක් කරත්, එවැන්නක් ඇයට වැළදී නැති බව තහවුරු වීම නිසා මෙම තීරණය ගත් බවද ඇය සඳහන් කළාය.
