Gossip News

රට වටෙන්ම මතුවෙන කොවිඩ් ආසාදිතයන්

වාද්දූවේ පදිංචි යුද හමුදා සිවිල් සේවකයෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා.
රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඔහු වෙනත් ස්ථානයකින් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර එය නොදන්වා සුළු අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා කළුතර, නාගොඩ රෝහලට පැමිණ ඇති බවය.
එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග වෙනත් රෝහලකට යොමුකොට ඔහු රැඳී සිටි වාට්ටුව විෂබීජහරණයට ලක්කෙරුණි.
සෞඛ්‍ය අංශ පැවසුවේ, මොහුට වෛරසය ආසාදනය වූ ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවය.
මේ අතර බේරුවල හා කළුතර ප්‍රදේශවල පදිංචිකරුවන් සිව්දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබේ.
සෞඛ්‍ය අංශ පැවසුවේ ඔවුන් සියලුදෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආශ්‍රිතයින් බවය.
ඒ අනුව, ඔවුන්ගේ ආශ්‍රිතයන් 35ක් ස්වයං නිරෝධායනයට යොමු කෙරුණි.
මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය හා සම්බන්ධ වූ කෑගල්ලේ 30 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ පසුගිය 26 දා සිදුකළ අතර ඉන් 08 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණි.
ඔවුන් අලපලාබල, කරඬුපල, උඳුගොඩ, මීදෙණිය හා අඹන්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
මේ අතර කොත්මලේ පූඩලු ඔය පදිංචිකරුවෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.
සෞඛ්‍ය අංශ පැවසුවේ, ඔහුගේ ආශ්‍රිතයින් සිටින පවුල් 05ක් නිරෝධායනයට යොමු කළ බවය.
එසේම ‍මස්කෙලිය, මොකාවත්ත ප්‍රදේශයේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි අයෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.
ඔහු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවකයෙකු වන අතර පවුල් 10 ක ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කෙරුණි.
මේ අතර හැටන් කොටගල නගරයේ පදිංචි පුද්ගලයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමත් සමග පසුගියදා ඔහු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණි.
ඔහු පෑලියගොඩ ආශ්‍රීතයෙක් වන අතර එම පුද්ගලයා වෛරසය ආසාදනය වී ඇති බවට දැනගැනීමට පෙර ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසැල් දෙකකට ගොස් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව එම මත්පැන් අලෙවි සැල් දෙක අද මුද්‍රා දමා එහි සේවකයන් නිරෝධායනයට යොමු කෙරුණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!