ශ්‍රී ලංකා සංඥා බළකායේ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) රේණුක රොවෙල්, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා සහ අයන්මෑන් 404 ප්‍රජා හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ සම්බන්ධීකරණයෙන් මනා ලෙස නිර්මාණය කරන ලද විෂබීජහරණය කිරීමේ රථය පසුගියදා ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත පරිත්‍යාග කරන ලදී.
අයන්මෑන් ප්‍රජා හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ නිර්මාතෘ වන එස්.ඒ.එම්. චන්ද්‍රසෝම මීට පෙරද විෂබීජනාශක යන්ත්‍ර නිපදවූ අතර මෙම කණ්ඩායම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී කොවිඩ් -19 වෛරසය පැතිරයෑම වැළැක්වීමේ කටයුතුවල නියැළී සිටින යුධ හමුදා සාමාජිකයන්ගේ ප්‍රයෝජනය සඳහා තාක්ෂණික හා ඉහළ ඵලදායිතාවකින් යුතුව මෙම රථය භාරදී ඇත.
පටු මාර්ගවල ගමන් කිරීමේ හැකියාව ඇති මෙම විෂබීජහරණය කිරීමේ රථය මගින් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා විෂබීජහරණ කටයුතුවල නියැළෙන භටපිරිස් අවම කර ගැනීමට හැකියාව ඇති අතර ගමන් කිරීමට නොහැකි ප්‍රමාණයෙන් කුඩා ස්ථානයන් පවා විෂබීජහරණය කර ගැනීමට හැකි දිගු නළයකින්ද මෙම රථය සමන්විත වේ.
