මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වී ඇමරිකාවේ දිනක් තුල වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා.
ඒ මරණ 1046 ක් ලෙසයි.
මේ වෙද්දි ඇමරිකාව තුල දෙලක්ෂ 14,639 කට මෙම වෛරසය ආසාදනය වී තිබෙනවා.
මිය ගිය ගණන 5099 ක්.
ඉතාලියේ ගතවූ පැය 24 තුල 727 දෙනෙකු වෛරසය ආසාදනය වී මියගොස් තිබෙනවා.
ඉතාලියේ මිය ගිය සම්පූර්ණ ගණන 13,155 ක්.
ස්පාඤ්ඤයේ ගතවූ පැය 24 තුල වෛරසය ආසාදනය වීමෙන් 923 දෙනෙකු මියගොස් ඇති අතර මියගිය මුළු ගණන 9387 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව වෛරසය ආසාදනය වූ ගණන එක් ලක්ෂ 4118 ක් ලෙස සඳහන් වනවා.
