Gossip

කළුතර ,කොළඹ ,ගම්පහ හා පුත්තලම යන දිස්ත්‍රික්ක වලට කොරෝනා වයිරසය පැතිර යාමේ දැඩි අවදානමක්

කළුතර ,කොළඹ ,ගම්පහ හා පුත්තලම යන දිස්ත්‍රික්ක 04 තව දුරටත් කොරෝනා වයිරසය පැතිර යාමේ දැඩි අවදානමක් පවතින කලාප වශයෙන් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි .

මෙම තත්ත්වය මත  කොරෝනා වයිරසය ශරීරගත වී ඇති බවට සැක කෙරෙන රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා එම දිස්ත්‍රික්ක 04 න්  03 කට  එක් දිස්ත්‍රික්කයකට 01 රෝහලක් බැගින් හා අනෙක් දිස්ත්‍රික්කයට මධ්‍යස්ථානයක් වෙන්  කිරීමට පියවර ගෙන ඇති බව වෛද්‍ය ජාසිංහ මහතා කීවේය .මේ අනුව කළුතර දිස්ත්‍රික්කයට බේරුවල දිස්ත්‍රික් රෝහලද කොළඹ දිස්ත්‍රික්කයට හෝමාගම මුලික රෝහලද ,ගම්පහ දිස්ත්‍රික්කයට මිනුවන්ගොඩ මුලික රෝහලද වෙන් කර  තිබෙන අතර  පුත්තලම දිස්ත්‍රික්කය සඳහා ඉරණවිල පිහිටි “ඇමරිකානු හඬ ” මධ්‍යස්ථානය වෙන් කර තිබේ .

ඉරණවිල “ඇමරිකානු හඬ “මධ්‍යස්ථානය පුත්තලම දිස්ත්‍රික්කයෙන් හඳුනාගනු ලබන කොරෝනා වයිරසය ශරීරගත වී ඇති බවට සැක කෙරෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගැනීම තවත් දින දෙකක් තුළදී සිදු කෙරෙන බව වෛද්‍ය ජාසිංහ මහතා රාජගිරියේ පිහිටි කොවිඩ්-19 පැතිරීම වැළක්වීම සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටියේය .

කොළඹ දිස්ත්‍රික්කයෙන්  හඳුනාගනු ලබන කොරෝනා වයිරස් ආසාදිතයින් නිරෝධායනය කිරීමේ මධ්‍යස්ථානයක් හෝමාගම ප්‍රදේශයේ පිහිටුවා ඇති බවද ඔහු කීවේය .

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!