කොරෝනා රෝගය වැළඳුන පුද්ගලයන් දෙදෙනකු රැගත් ගිලන් රථයක් කොළඹ සිට හම්බන්තොට දක්වා යමින් සිටියදී යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇති බව කළුතර උතුර පොලිසිය කියයි.
කොළඹ ප‍්‍රසිද්ධ හෝටලයක නිරෝධායනය වෙමින් සිටියදී කොරෝනා රෝගය වැළඳී ඇති බවට තහවුරු වීමෙන් පසු රෝගීන් දෙදෙනා කොළඹ සිට හම්බන්තොට මහ රෝහල දක්වා රගෙන යමින් සිටියදී අනතුර සිදු වූ බව ගිලන් රථ රියදුරු පැවසීය.
එදින දහවල් එකට පමණ වස්කඩුව ඉන්ධන පිරවුම් අසලදී යතුරුපැදිය ඉස්සර කර යෑමේ දී ඉදිරියෙන් පැමිණි වාහනයකට ඉඩදීමට ගිලන් රථ රියැදුරු තිරිංග තදකිරීමේදී යතුරුපැදිකරු ගිලන් රථයේ පිටුපස ගැටී ඇතැයි පරීක්ෂණ පවත්වන නිලධාරීයෙක් පැවසීය.
අනතුර සිදුවීමත් සමගින් ප‍්‍රදේශවාසින් ස්ථානයට එක් රොක්වී ඇති අතර, ගිලන් රථයේ කොරෝනා රෝගීන් දෙදෙනකු සිටින බව සැලවීමත් සමගින් රස්ව සිටි පිරිස සීසීකඩ විසිර ගිය බැව් සිද්ධිය ඇසින් දුටුවෙක් පැවසීය.
