කෝවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මැතිවරණ කොමිසන් සභාව මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ලබන සතියේදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කොරෝනා කෝවිඩ් -19 වෛරසය ව්‍යාප්ත වීම නිසා මතු වන ගැටලු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මැතිවරණ කොමිසන් සභාව පසුගිය සතියේදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහිදී මැතිවරණ රාජකාරියේ නිරත වන නිලධාරීන් සඳහා අවශ්‍ය මුඛ ආවරණ, අත් ආවරණ අවශ්‍ය තරම් තොග ආනයනය කිරීමට තීරණය කර ඇති බවද සඳහන්.
ලෝකයේ රටවල් 90ක පමණ කොරෝනා වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා.. ඇතැම් රටවල වෛරසය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙයි. ලබන සතිය වන විට ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය මත මැතිවරණ කොමිසන් සභාවට අවශ්‍ය නිර්දේශ ලබාදෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ සුදත් සමරවීර පවසනවා.
