කොරෝනා වසංගතයට ගොදුරු වී මියයන අයගේ දේහයන් අනිවාර්යයෙන්ම ආදාහනය කළයුතු බවට රෙගුලාසි පනවමින් සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පසුගිය අපේ‍්‍රල් 11 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තිදෙනකු ඊයේ (14) වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
පසුගිය දින කීපයේ දී කොරෝනා රෝගයට ගොදුරු වී මියගිය මුස්ලිම් ජාතිකයන් තිදෙනකුගේ දේහයන් ආදාහනය කර ඇති බවත්, මෙලෙස ආදාහනය කිරීම මුස්ලිම් ආගමේ ඉගැන්වීම්වලට හා ආගමික චාරිත‍්‍රවලට පටහැනි බවත් එමගින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් බදුර්දීන්, ෂියාම් අමීර් අලි, අබ්දුල්ලා මොහොමඞ් මහරුෆ් හා හුසේන් අහමඞ් බයිලා යන පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නම් කර තිබේ.