Gossip

කොරෝනාවට එරෙහිව දලයි ලාමාගෙන් මන්තරයක් – දලයි ලාමා කියූ මන්ත්‍රය මෙන්න

ටිබෙටයේ බෞද්ධාගමික අධ්‍යාත්මික නායකයා වන දලයි ලාමා තුමන් විසින් (කොරෝනා) මාරක වසංගතයෙන් බේරීම සඳහා සුදුසු විශේෂ මන්ත්‍රයක් දේශනා කර ඇති බව වාර්තා වනවා.
“චන්ද්‍රතාරා මන්ත්‍රය” යනුවෙන් නම්කර තිබෙන මෙම ගාථා පාඨය සජ්ඣායනයෙන් කොරෝනා හෙවත් කිරීටක වෛරස රෝගය බෝවීමෙන් වැළකී සිටීමට හැකි බව දලයි ලාමා තුමන් ප්‍රකාශ කර තිබෙන්නේ.
මේ පිළිබඳව ඉන්දියාවේ පළවන සුප්‍රකට (දිනමලර්) පුවත්පත වාර්තාවක් පළකර තිබුණා.
(ටිබෙට්) රටෙන් පිටුවහල් වී දැනට ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ හිමාචාල්හි (හිමාලය කඳු පාමුල) ධර්මශාලා නම් ආශ්‍රමයක වෙසෙන අධ්‍යාත්මික නායක දලයි ලාමා තුමන්ගෙන් කොරෝනා වසංගතයෙන් මිදීමට ක්‍රමයක් සම්පාදනය කරන ලෙස ෆේස්බුක් මගින් ඉල්ලා තිබුණේ චීනයේ කොරෝනා අනතුරට මුහුණ දී සිටින භික්ෂු පිරිසකි.
ඊට ප්‍රතිචාර දැක්වූ දලයි ලාමා තුමා මෙම වෛරසයට ගොදුරුවූවන්ට “ඕම් ටාරේ දුටාරේ ඩුරේ සෝහා” යන මන්ත්‍රය පුනරුච්ඡාරණය කිරීමෙන් මෙම රෝගයෙන් මිදිය හැකි බව ප්‍රකාශ කළේය.
එම මන්ත්‍රය පූර්ණ විශ්වාසයෙන් යුතුව නිසි අක්ෂර වින්‍යාසය සහිතව සජ්ඣායනා කළහොත් කොරෝනා පැතිරීම පාලනය වී මේ භයානක විපතින් අත්මිදිය හැකි යැයි දලයි ලාමා තුමන් වැඩිදුරටත් කියා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!