කපා ඉවත්කරන හිසකෙස් වලින් සිතුවම් නිර්මාණය කරන අපූරු ශිල්පිනියක් ගැනයි අපි මේ කියන්න යන්නේ.
ඇය ඉන්නේ උතුරු මැසිඩෝනියාවේ.
වෘත්තියෙන් කොණ්ඩා මෝස්තර සැකසුම් ශිල්පිනියක් වන ස්වෙත්ලානා ග්රොස්ඩානොව්ස්කා තම සේවය ලබා ගැනීම සඳහා පැමිණෙන අයගේ කපා ඉවත් කෙරෙන හිසකෙස් භාවිතා කර තමයි මේ සිතුවම් නිර්මාණය නරන්නේ.
එහිදී විවිධ වර්ණයන්ගේ යුතු හිසකෙස් ලැබුණු විට මල් වැනි වෙනත් නිර්මාණ ස්වෙත්ලානා විසින් සිදු කරනවා.
ඒ වගේම ලෝක ප්රසිද්ධ තාරකාවන් රැසකගේම සිතුවම් ස්වෙත්ලානා නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.
