Gossip

“ආවාට ගියාට ළමයි හදලා දාන්න අපි දෙන්නම කැමැති වුණේ නෑ.”

රණවන කැදැල්ලට අමුත්තෙක් එන්න හදන්නේ.
ඒ ගැන සමාජ මාධ්‍ය හරහාද ගොඩක් කතා වෙනවා.
එහි ඇත්ත නැත්ත මේ විදිහට රොෂාන් සහ කුෂ්ලානී සතිඅන්ත පුවත්පතකට හෙළි කරලා තිබුණා.

‘අපි ලස්සන පවුල් ජීවිතයක් ඇරඹුවා… කුෂ්ලානී මම ප්‍රාර්ථනා කරපු බිරියම වුණා. මම ඇයට හොඳ ස්වාමි පුරුෂයෙක් වුණා. අපි දෙන්නම ආසයි සංචාරයට. ඒ නිසා සැලැස්මක් අනුව වැඩ කරන්න හිතට අරගත්තා. හුඟ දෙනෙක් ඇහුවා කවද්ද දෙන්නා තුන්දෙනා වෙන්නේ කියලා. ඇත්තටම අපිට එහෙම හදිසියක් තිබුණේ නෑ.
විවාහයෙන් පසු අපි තව – තවත් ළංවෙලා එකිනෙකා තේරුම් ගත්තා. ආවාට ගියාට ළමයි හදලා දාන්න අපි දෙන්නම කැමැති වුණේ නෑ.
අපි හරි නිදහසේ ලෝකය පුරා සංචාරය කළා. හුඟාක් රටවලට ගියා. ජීවිතය හිත පුරා වින්ඳා. පසුව අපි දෙන්නටම කියලා ආදර කැදැල්ලක් ගොඩ නඟා ගත්තා. මොකද දරුවෙක් ලෝකයට එන්න කලින් එයාට වැටිලා ඉන්න එයාගේම තැනක් තියෙන්න ඕනා කියලා අපි හිතුවා. මේ මූලික දේවල් ටික කරගත්තාට පසු දරුවෙක් ගැන අපි හිතුවා.

ඒ කියන්නේ රිදී තිරයේ, සිහින කුමරා දැන් පිය පදවිය අබියස…
ඔව්. ඒක පුදුම හැඟීමක්. වචනවලට ගළපන්න බෑ. අපි බලාපොරොත්තු වූ දේ ඉෂ්ට වුණා. කුෂ්ලානි මවු පදවියටත් මම පිය පදවියටත් සූදානම්.
දැන්ම ලොකුවට පියෙකුගේ හැඟීම් ගැන කතා කරන්න මට තේරුමක් නෑ. හැබැයි මගේ හිතට ලොකු වගකීමක් දැන් දැනෙනවා. මේ කාලේ කුෂ්ලානී ළඟටම වෙලා ඉන්නයි මට ඕනේ. ඇය ආසම කරන කෑම බීම ළඟටම දෙන්නයි මට ඕනේ. දුර පළාත්වල රූගත කිරීම්වලට ටික කාලයක් යනතුරු මම යන්නේ නෑ. මේ අත්දැකීම ජීවිතේම එකවරයිනේ. ඉතිං හිත පුරා එය විඳගන්න ඕනේ.

රොෂාන්ගේ හිත මොනතරම් සතුටින් පිරිලාද කියලා දැනෙනවා… රොෂාන් බලන් ඉන්නේ දුවෙක් එනතුරුද… පුතෙක් එනතුරුද…?
තාම හරියට ඒ ගැන කියන්න බෑ. දුවෙක් වුණත් පුතෙක් වුණත් ඒ අපේ මුල්ම දරුවා. ආදරයෙන් පිළිගන්නවා. අපේ දෙමවුපියනුත් ගොඩාක් සතුටින් ඉන්නේ. එයාලා බලන් උන්නේ අපේ ලෝකයට දරු පැටියෙක් එනතුරු. හැබැයි මට කලින් මගේ මල්ලි විවාහ වූ නිසා එයා දරු දෙන්නෙකුගේම තාත්තා කෙනෙක් වුණා. ඉතිං ඒ අඩුව එහෙම පිරිමැහුණා.

දැන්ම මේ ගැන අහන්න හොඳ නෑ. ඒ වුණත් නොඅසාත් බෑ වාගේ… රොෂාන්ගේ දරුවා අනාගතේ ඔබ වාගේම කලාව තෝරාගනීද?
අපිට පුතෙක් ලැබුණොත් මම නළුවෙක් වුණා කියලා එයත් නළුවෙක් විය යුතු නෑ.
එයාගේ කුසලතා ඉදිරියට ඇවිත් එයා යන ගමන් මඟ එළි පෙහෙළි වේවි. අපි දෙන්නටම ඕන මනුස්සකම් දන්න හොඳ මනුස්සයෙක් බිහිකිරීමයි. දුවෙක් වුණත් එහෙමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!