දිගින් දිගටම අසාර්ථකත්වයට පත් ව සිටින යොවුන් ක්රීඩක කුසල් මෙන්ඩිස්ට කෙටිකාලීන විවේකයක් ලබාදිය යුතු බව හිටපු ක්රිකට් නායක මහේල ජයවර්ධන පවසනවා.
තරග 23 දී අර්ධ ශතකයක් ලබා ගැනීම නොහැකිව සිටින කුසල් මෙන්ඩිස් දක්ෂ මුල් පෙල පිතිකරුවකු වුවද ඔහුට වෙනත් කිසිදු ක්රීඩකයකුට නොලැබෙන අවස්ථාවන් සමගින් ජාතික කණ්ඩායමේ ස්ථානයක් ලබා ගත්තද එංගලන්තය සමඟ සහභාගිවූ අවසන් තරග දෙකේදීද අසාර්ථකත්වයට පත් වුණා.
මේ හේතුවෙන් මහේල ජයවර්ධන ට්විටර් පණිවිඩයක් මගින් සඳහන් කරන්නේ කුසල් මෙන්ඩිස් දක්ෂ පිතිකරුවකු බවත් මේ අවස්ථාවේදී ඔහුට කෙටිකාලීන විවේකයක් ලබා දිය යුතු බවයි. ඕනෑම ක්රීඩකයෙකුට මෙවැනි කාලයක් උදාවන බවද මහේල වැඩිදුරටත් වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.
