Facebook එකේ තනිකඩයි කියලා කියන අයට අපූරු ආරංචියක් ෆේස්බුක් සමාගමෙන් දීලා තියෙනවා.
ඒ කියන්නේ ගොඩක් අයගේ Facebook profile වලට ගිහින් බැලුවොත් Relationship වලට දාලා තියෙන්නේ Single කියලානේ. ඉතින් මේ වගේ අයට ඉදිරියේදී සහකාරියක් හොයාගන්න පුළුවන් හැකියාව තියෙනවා.
ඊයේ තිබ්බ වාර්ෂික Facebook සම්මන්ත්‍රණයේදී සකර්බර්ග් මේ ගැන කතා කරා. ඔහු කියන විදියට Facebook එකේ ඉන්න මිලියන 200 ක් විතර තනිකඩයින්. ඒ නිසා ඔවුන්ට විවාහ යෝජනා ගෙන්න සකර්බර්ග් තීරණය කරලා. Facebook හරහා “මංගල යෝජනා සේවාවක්” ආරම්භ කරන්න සූදානම් වෙනවා.
ලෝකය වටේම ඉන්න තනිකඩයන්ට මේ හරහා සහකාරියක් හොයා ගන්න පුළුවන්. අලුතෙන් එන Facebook මෘදුකාංගයේ ඉහළ දකුණු කෙලවරේ හදවත හැඩයක සමාන icon එකක් තියෙනවා. ඒක Click කරලා මංගල යෝජනා සේවයට එක් වෙන්න පුළුවන්. මංගල සේවාවට සම්බන්ධ වෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කරන්නත් ක්‍රමයක් හඳුන්වා දෙනවා.
ඒ වගේම Instagram වල Video Call පහසුකම ලබා දෙනවා කියලත් සකර්බර්ග් කිව්වා. දැනට Video Call පහසුකම තියෙන WhatsApp වලට Group Video Call ගන්නත් පහසුකම් සලසන්න නියමිතයි.