Gossip

යාපනයේ දැන් මැර කල්ලි රජ කරනවාද? පාසල් ගුරුවරියකටත් ප්‍රහාරයක්

යාපනය කොකුවිල් ප්‍රදේශයේදී තියුණූ ආයුධ වලින් පහර කෑමට ලක්වු පාසල් ගුරුවරියක් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි.

අදාල පාසල් ගුරුවරිය කිලිනොච්චිය ධර්මපුරම් පාසලක ගුරුවරියක් වශයෙන් සේවය කරන අතර නිවාඩුව හේතුවෙන් යාපනයේ පිහිටි නිවසට පැමිණ සිය මව සමඟ සිටියදී ඊයේ (30) සවස තියුණූ ආයුධ සමඟ පැමිණි තරුණයින් දෙදෙනෙකු එම ගුරුවරියට පහර දී ගුරුවරියගේ කොණ්ඩයද කපා දමා යතුරු පැදියකින් පලා තිබේ.

අදාල පහරදීමෙන් 34 හැවිරිදි විජිත් විමලරාජා විමලනී නැමති පාසල් ගුරුවරිය බරපතල තුවාල සිදු වී යාපනය ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි. මෙම පහර දීමට නිසි හේතුව තවමත් අනාවරණය වී නැතැයි පොලීසිය කියයි.

මේ අතර අදාල පහරදීමෙන් පසුව පහර දීමට පැමිණි තරුණයින් දෙදෙනා යතුරු පැදියෙන් පලා යමින් සිටි අවස්ථාවේදී අසල පිහිටි සී.සී.සී.ටීවි කැමරාවක සටහන් වී ඇති අතර එම දර්ශන ඔස්සේ එම තරුණයින් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරික්ෂණ ආරම්භ කොට ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!