Gossip

ආදරවන්තිය එයා – මම වෙනදා ඉන්න ආදරවන්තයා නෙවෙයි – සංගීත් – විදුෂි ආදර කතාව ගැන සංගීත් කතා කරයි

සංගීත්ගේ ජීවිතේ ලොකු වෙනසක් වෙන්න යනවලු නේද?
ඔව්. ජීවිතේ ලොකු වෙනසක් සිද්ධ වෙන්න යන්නේ. මැයි 3 වැනිදා තමයි මගේ ජීවිතේ ඒ වෙනස සිද්ධ වෙන්නේ.

මොකක්ද ඔය වෙන්න යන වෙනස?
මගේ පළමුවැනි සින්දුව හා හා පුරා කියලා රිලීස් කරන්නේ එදාට. ඒක නම් කරලා තියෙන්නේ ‘හිත මගේ’ නමින්.

සංගීත්ට හිටි හැටියේ ගායකයෙක් වෙන්න හිතුණේ?
මගේ ජීවිතේ නැවත ආරම්භයක් මේක. මම ඉස්සරත් ගායන කටයුතු කළාට ප්‍රසිද්ධියේ ගායනා කළේ නෑ. මගේ මිතුරන් අතරේ සීමාවුණු දෙයක් සහ මගේ විනෝදාංශයක් ලෙස තමයි ගායන කටයුතු කරගෙන ගියේ. මගේ ඇඟේම ඒ හැකියාව තිබ්බා. මට ඕන වුණා මම ජීවිතයේ ආස කරපු දේවල් එළියට දාන්න. රසිකයන්ට යමක් දෙන්න පුළුවන් කියලා හිතුණ නිසා ගීතයක් නිර්මාණය කළා.

සංගීත් කියන ගායකයාව ෙප්‍ර්ක්ෂකයෝ වැලඳගනියි කියලා හිතනවාද?
මගේ පළමුවැනිම නිර්මාණය නිසා හොඳ නරක ප්‍රතිචාර දෙකම බලාපොරොත්තු වෙනවා. මෙය ආදරණීය ගීතයක්. හැමෝටම අහන්න පුළුවන් ගීතයක්. මේ යන විදියත් එක්ක මගේ ගීතය ජනතාව ආදරයෙන් වැලඳගනියි කියලා හිතනවා.

රංගන ශිල්පියාට වඩා ගායකයාව ඉස්සරහින් තියන්නද උත්සාහ කරන්නේ?
නැහැ. මගේ ජීවිතයේ පළමුවැනි තැන රංගනය. නමුත් මම ගායනයට ආසයි. සජීවීව ඉදිරිපත් කිරීම් කරන්න ආසයි. සින්දුව ඔහේ කියනවට වඩා සින්දුවක් හරියට කියා ගන්න පුළුවන් ගායකයෙක් වෙන්නයි මට ආසාව තිබ්බේ.

සංගීත්ට විදුෂිත් එක්ක තියෙන ඇයි හොඳයිය මොකක්ද?
විදුෂිත් එක්ක මගේ සම්බන්ධයක් තියෙනවා කියලා ගොඩක් අය පටලවාගෙන තිබුණේ. නමුත් ඇත්තටම තියෙන ඇයි හොඳයිය තමයි මගේ කුලුඳුල්ම ගීතය. මියුසික් වීඩියෝවේ ආදරවන්තිය එයා. ඇයි හොඳයිය ගොඩක් අය තේරුම් අරගෙන තිබ්බේ වැරැදි විදියට. මැයි 3 වැනිදා හැමෝටම බලාගන්න පුළුවන් ඇත්ත කතන්දරය මොකක්ද කියලා.

සංගීත්ගෙයි විදුෂිගෙයි ඡායාරූප තමයි ඔය කතාවලට මුල පිරුවේ?
ගීතය රිලීස් වෙන්න ළඟ නිසා ඒ මියුසික් වීඩියෝවේ ඡායාරූප තමයි මම හාට් එකක් දාලා ෂෙයාර් කළේ. ඒක පත්තු වුණා. මම විතරක් නෙවෙයි වීඩියෝ එක කළ කෙනා, ඡායාරූප ගත්ත කෙනා වගේ හැමෝම එහෙම තමයි ඒ ඡායාරූප ෂෙයාර් කළේ. ප්‍රමෝෂන් එකකට තමයි විදුෂිගෙයි මගෙයි ඡායාරූප දැම්මේ.

ඒ කියන්නේ වීඩියෝවේ ආදර කතාව සංගීත් වික්කද?
ආදර කතාව වික්කේ නෑ. ජනතාව ඒක ඒ විදියට වැලඳ ගත්තා.

සංගීත්ගේ පෙම්වතිය විදුෂි කියලා හිතලා බොහෝ අය සුබ පතද්දීත් නිහඬ වෙලා හිටියේ ප්‍රමෝෂන් හේදිලා යයි කියලා හිතලද?
එහෙම නොකියා ඉන්න යම්කිසි අරමුණක් තිබ්බා. මේක මගේ කුලුඳුල්ම නිර්මාණය නිසා ඒක ජනතාව අතරට යන්න ඕනකමක් තිබ්බා. මාව ගායකයෙක් විදියට දැනගෙන හිටියේ නැහැ බොහෝ අය. රංගන ශිල්පියෙක් ලෙස ඉඳලා මගේ තිබ්බ වෙන හැකියාවක් තමයි මේ එළියට ගන්න උත්සාහ කරන්නේ. ඒක ජනතාවට නොකියම එකපාරට පුදුමයක් ලෙස එළියට දෙන්න ඕනකම තිබ්බා. ඒකයි ඇත්ත කතාව කාටවත් පැහැදිලි කරන්න ගියේ නැත්තේ. හිතන අයට කැමැති විදියට හිතන්න නිදහස දුන්නා. හරි දේ වෙලාවට දැන ගන්න දෙනවා කියලා තමයි සැලසුම් කරලා තිබුණේ.

පබ්ලිසිටි අතරේ කාගේ හරි හිත රිද්දන්නත් ඕන වුණාද?
අනේ නැහැ. ඒ වගේ දෙකයි පනහේ වැඩ කිරීමේ ආසාවක් මට නැහැ. මම ඒ පින්තූර දැම්මේ කාට හරි රිද්දන්න කියලා හිතනවා නම් ඒක වැරැදියි. මම කාටවත් වෛර කරන්නේ නැහැ. කාටවත් රිද්දන්නෙත් නෑ. මම මගේ ගමන යනවා. මම හැමවෙලේම විශ්වාස කරන්නේ මාව විතරයි. වෙන කෙනෙක්ට රිද්දීම තුළින් මට වැඩ ලැබෙන්නෙත් නෑ. එහෙම කළා කියලා මම සාර්ථක වෙන්නෙත් නෑ. මම මගේ ගමන යද්දී ඒක කැමැති කෙනෙක්ට කැමැති විදියට භාරගන්න පුළුවන්. අනෙක් අයට ඊර්ෂ්‍යා නොකර පළි ගන්නේ නැතිව හැමෝම හොඳ ගමනක් යනවා නම් හොඳයි.

සංගීත්ගේ ජීවිතයට ඊර්ෂ්‍යා කරන තරහකාරයෝ ඉන්නවද?
මගේ ජීවිතේ මට කවුරුත් තරහකාරයෝ නැහැ. නොපෙනෙන තරහකාරයෝ ඉන්න පුළුවන්. මම හැමෝම එක්ක හිනාවෙලා කතා කරනවා.

සංගීත්ගේ හිත දැන් කා ළඟද නතර වෙලා තියෙන්නේ?
නැහැ. එහෙම කා ළඟවත් නතර වෙලා නැහැ.

හැබැයි සංගීත්ට කාන්තා ආකර්ෂණය වැඩියිලු නේද?
අනේ මන්දා.. රංගන ශිල්පියෙක්ට ඒක සාමාන්‍ය දෙයක්. මිනිස්සුන්ට ආදරේ හිතෙන්න දෙයක් කරලා තියෙනවා නම් මිනිස්සු අපිට පෙරළා ආදරය කරනවා.

අලුත් අඩිය තියන්නද පෙනුමත් වෙනස් කර ගත්තේ?
ගායකයෙක් වෙන්න නෙවෙයි පෙනුම වෙනස් කර ගත්තේ. නමුත් මම අවුරුදු දෙකකට කලින් කලා ජීවිතේ නතර කළ තැනින් පටන් ගන්නේ නැතිව ඒ හිටපු කෙනාවම මේ ක්ෂේත්‍රයට ගේන්නේ නැතිව මට ඕන වුණා වෙනස්ම රංගන ශිල්පියෙක් ක්ෂේත්‍රයට ගේන්න. මට ඕන කළ දේ යම්තාක් දුරට සාර්ථක වුණා කියලා හිතනවා. ජනතාව ඒක වෙනස් විදියට වැලඳගනියි කියලත් හිතුණා.

අලුත් ආරම්භයත් එක්ක ලැබෙන අවස්ථා ගැන සතුටු වෙන්න පුළුවන්ද?
ඔව්. මට ගොඩක් සතුටුයි. මම ඒ කාලේ විවිධ චරිත කළා. නමුත් මම ඒ දේවල් පැත්තකින් තියලා අලුත් ආරම්භයක් එක්ක කරන දේවල් මගේ රංගන ජීවිතයට එකතු කර ගන්න උත්සාහ කරනවා. අලුත් ආරම්භයෙදි මට ගොඩක් ආරාධනා ලැබුණා රංගනයට.

මොනවද රංගනයේ අලුත් වැඩකටයුතු?
මගේ වෙනස්ම නිර්මාණයක් ඉදිරියේදී දැක බලා ගන්න පුළුවන්. ඒ නිර්මාණයේ මම නිරූපණය කරන්නේ වෙනස්ම චරිතයක්. මම වෙනදා ඉන්න ආදරවන්තයා නෙවෙයි. එහෙම් පිටින්ම වෙනස් චරිතයක් එය. මගේ ජීවිතේ වෙනස් කරන චරිතයක් වෙයි ඒක. ඒ වගේම තවත් ටෙලිනාට්‍ය දෙකක රූගත කිරීම් කළා. ඒවා ඉදිරියේදී විකාශය වෙයි.

සිනමාවට එන්නත් කැමැත්තක් ඇති?
සිනමාවට එන්න ලොකු ආසාවක් තියෙනවා. ආරාධනාවක් ලැබුණොත් ඒ දේ තෝරගෙන කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

සම්මානනීය බලාපොරොත්තුත් තියාගෙන වෙන්න ඇති වැඩ කරන්නේ?
සම්මානවලට හැමෝම ආසයි. ඒක ලැබෙන්න ඕන හරි තැනේදී හරි වෙලාවේදී හරි කෙනාට. ඒ තත්ත්වය මම සපුරා ගත්තොත් මට සම්මානයක් ලැබෙයි.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!