අතුල – සමිතා යුවලගේ දියණිය වන කාවින්ද්‍යා අධිකාරි අමල් පෙරේරාගේ පුතු නදිමාල් පෙරේරා එක්ක තියන සම්බන්ධයක් ගැන අන්තර්ජාලයේ හුවමාරු ගවන වීඩියෝවක් ගැන මේ දවස්වල හැම දෙනාම කතා වෙනවා.
විඩීයෝවේ හැටියට නදිමාල් කාවින්ද්‍යාට රත්තරන් මුද්දක් අරන් දෙනවා. මේ නිසා හැමෝම කතා වුනේ මේ දෙන්නා අතරේ ප්‍රේම සම්බන්ධයක් ඇති වෙලා කියලායි. කතාවේ ඇත්ත නැත්ත දැනගන්න මේ දෙන්නාව සම්බන්ධ කරගන්න අපි ගත්ත උත්සාහය අවසානයේදී සාර්තක වුණා. මේ දෙන්නාම කියන්නේ අන්තර්ජාලයේ පැතිරිලා යන කතාව බොරුවක් කියලා.
කට කතාවට අදාළ වීඩියෝව ඒ දෙන්නා නිරූපණය කරන මියුසික් වීඩියෝවක්. මේක නිකම්ම නිකම් මියුසික් වීඩියෝවක් නම් නෙවෙයි. ලංකාවේ පළවෙනි වෙළද තේමා ගීතයක් හැටියට කොයි කවුරුත් අතර ජනප්‍රිය වෝග් ජුවලර්ස් තේමා ගීතය නව පරපුරේ දක්ෂයේ කට්ටියක් එකතුවෙලා නැවුම් විදිහට නැවත නිර්මාණය කරලා එලි දක්වපු මියුසික් වීඩියෝවක්. නව ආරක නිෂ්පාදනයක් විදියට එළි දකින මේ මියුසික් වීඩියෝව හැඩ කරන්නේ නව පරපුරේ ජනප්‍රිය තරු දෙකක් වන කාවින්ද්‍යා සහ නදිමාල්. ඒ අය ගැන කතාබහට හේතුවුණ මියුසික් වීඩියෝව තමයි මේ තියෙන්නේ.
