ඕස්ට්රේලියානු ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ඩැරන් ලේමන් එම ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වනවා.
ඕස්ට්රේලියානු කණ්ඩායමට පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ල වී ඇති අතර එම සිද්ධිය මුල් කර ගනිමින් ඔහු ඉල්ලා අස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
48 හැවිරිදි ලේමන් 2013 වසරේ සිට ඕස්ට්රේලියානු ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකාර ධුරයේ කටයුතු කරනවා.
පසුගියදා දකුණු අප්රිකානු කණ්ඩායම සමඟ කේප්ටවුන් හිදී පැවති තරඟය අතරතුර පන්දුවේ හැඩය වෙනස් කිරීමට උත්සාහ කල බවට ඕස්ට්රේලියානු කණ්ඩායමට චෝදනා එල්ල වුණා.
තරඟයෙන් අනතුරුව පැවති මාධ්ය හමුවේදී ඒ සම්බන්ධයෙන් ඕස්ට්රේලියානු කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත් වරද පිලිගත්තද ඊට පුහුණුකරුවන්ගේ සම්බන්ධයක් නොමැති බවයි ප්රකාශ කර තිබුණේ.