Gossip

කම්කරු දිනයේ නිවාඩුව කැන්සල්

මැයි මස 07 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් මැයි මස පළමු වන දිනට යෙදී ඇති රජයේ නිවාඩු දිනය අවලංගු කර තිබෙනවා.

මෙවර ලෝක කම්කරු දිනය සමඟ යෙදී තිබෙන වෙසක් සතිය සැලකිල්ලට ගනිමින් මැයි 01 වනදා පෙළපාලි සහ රැස්වීම් මැයි 07 වන දිනට කල් දැමීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බව ජනාධිපතිවරයා සඳහන් කළා.

මහා සංඝරත්නය විසින් කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගනිමින් එම තීරණයට එළැඹි අතර, ඒ අනුව එළැඹෙන වෙසක් පුන් පොහෝ දිනය සහ එම සතිය බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව රට තුළ උත්කර්ෂවත් අන්දමින් සැමරීමට මහා සංඝරත්නයේ අවවාද සහ අනුශාසනා මත අවශ්‍ය සියලු කටයුතු සළසන බව ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

මේ අතර මැයි 07 වනදා රජයේ නිවාඩු දිනයක් බවට ප‍්‍රකාශයට පත්කරන අතර, එදිනට ලෝක කම්කරු දින වැඩසටහන් සඳහා එක්වන ලෙස තමා සියලු දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති වෙත ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!