Gossip

මාලිගාවත්ත උණුසුම් වෙයි – පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කරයි – විස්තරේ මෙන්න

මාලිගාවත්ත පොලිස් වසමේ අලාමා ඉබ්බාල් අතුරු මාර්ගයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

අද(27) සවස 8.30 ට පමණ මෙම පුද්ගලයා මිය ගොස් ඇති අතර ඔහු වයස අවුරුදු 25 ක් පමණ බව පොලීසිය සඳහන් කරයි.

මළසිරුර මුලික මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කරන තෙක් පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ ම ඇති බව ද පොලීසිය නිවේදනය කරනවා.

‍මෙම වෙඩි තැබීම සිදුකළ ‍පුද්ගලයින් මෙතෙක් අනාවරණය වී නොමැති අතර මාලිගාවත්ත පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!