Gossip

කල්මුණේ පිපිරීමෙන් පසු කුඩා ළමුන් 6ක් ඇතුළුව මළසිරුරු 15ක් සොයා ගනියි

කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ ඊයේ (26) සිදුවූ වෙඩි හුවමාරුවෙන් හා පිපිරීම් මාලාවෙන් ජීවිතක්ෂයට පත්වූ මළසිරුරු 15ක් හඳුනාගැනීමට පොලීසියට හැකිවී තිබෙනවා.

ඒ් අනුව පිරිමි පුද්ගලයින් 6ක්,කාන්තාවන් 3ක් හා කුඩා ළමුන් 6කගේ මල සිරුරු ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.

සයින්දමර්දු ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකරමින් සිටි සෝදිසි මෙහෙයුමක් අතරතුරදීයි මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බව වාර්තා වුණේ.

යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව ත්‍රස්තවාදීන් සැඟවී සිටින බවට සැකකළ නිවෙසක් පරීක්ෂා කිරීමට යෑමේදී මෙම සිදුවීම සිදුව තිබෙනවා.

සිදුවීම පිලිබඳ වැඩිදුර විමර්ශන තවමත් ක්‍රියාත්මකයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!