Gossip

“ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා” – ඉස්ලාමීය අන්තවාදය තුරන් කරනවා – ගෝඨාභය රාජපක්ෂ

තමන් නිසැකවම ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බවත් ඉස්ලාමීය අන්තවාදය මෙරටින් තුරන් කිරීමට පියවර ගන්නා බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ මහතා ඒ බව පැවසුවේ රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනුයි.

එසේම බුද්ධි සේවා යළි ගොඩනැඟීමේ වගකීම ද තමන් විසින් බාරගන්නා බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර සිටින්නේ වත්මන් ආණ්ඩුව ඉස්ලාමීය සටන්කාමීන් වෙත චෝදනා කරමින් සිටින බවයි.

යුධ සමයේ තමන් විසින් ගොඩනැගූ බුද්ධි ජාලය සහ පුළුල් අධීක්ෂණ පද්ධතීන් වත්මන් ආණ්ඩුව විසින් දුර්වල නොකළේනම් පසුගිය දින දිවයිනේ ඇති වූ ප්‍රහාරයන් වළක්වා ගැනීමේ හැකියාවක් තිබූ බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!