ජයන්ත රණසිංහ යනු මෙරටින් වාර්තාවූ පළමු කොවිඩ් ආසාදිත ශ්‍රී ලාංකිකයායි.
පසුගිය කාලයේ ඔහු පිළිබඳව මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබුණා.
ඒ කොවිඩ් වෛරසය ශ්‍රී ලංකාවට ආගන්තුක වී තිබියදීයි.
නමුත් මේ වනවිට කොවිඩ් ශ්‍රී ලංකාව පුරා පැතිර ගොස් තිබෙන පසුබිමක යළිත් ජයන්ත රණසිංහ සමාජයේ අවධානය දිනා ගත්තා.
ඒ ඔහු කරන මෙම ප්‍රකාශයත් සමගය.
“මම තමයි පළමු ශ්‍රී ලාංකිකයා.. කොරෝනා හැදිලා සුවපත් වුණ. මම එන්නත් ගත්තා. පළමු දෙවන හා බුස්ටර් එන්නත. මම සියලුම ශ්‍රී ලාංකිකයින් ට ආරාධනා කරනවා බුස්ටර් එන්නත ලබාගන්න කියලා. අපේ රටේ දැන් පවතින තත්ත්වය මත කොරෝනා රෝගය නැවත වැඩිවෙමින් පවතිනවා. මම මරණ මංචකයට ගිහින් ආපු කෙනෙක්. ඒ වගේම 4 වෙනි එන්නතක් රජයෙන් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත කළොත් මම නම් කිසිදු පැකිළීමකින් තොරව එම එන්නත ගන්න බව කියනවා. පිටරට දිහා බලනකොට මිනිස්සු රජය පස්සෙන් දුවනවා එන්නත ගන්න. අපේ රටේ රජය මිනිස්සු පස්සෙන් දුවනවා එන්නත දෙන්න.”
මේ අතර මෙරට කොවිඩ් මර්දනය සඳහා එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ වී අදට වසරක් සපිරේ.
පසුගිය වසරේ ජනවාරි මස 28 වැනිදින ඉන්දීය රජයේ ප්‍රධානයක් ලෙසය.
AstraZeneca Covishield එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් දිවයිනට ලැබුණු අතර එම එන්නත් තොගය මගින් පුද්ගලයින් 250,000 කට එන්නත් ලබාදීම සිදුකෙරුණි.
